විදේශීය

ගෝලීය තෙල් පිරිපහදුවේ හදවතට අති දරුණු බෝම්බ ප්‍රහාරයක්

ලොව විශාලතම බොර තෙල් සැකසුම් ස්ථානය වූ සවුදි අරාබියේ අබ්කායික් තෙල් සැකසුම් මධ්‍යස්ථානය වෙත අති දරුණු බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඩ්‍රෝන යානා 10ක් උපයෝගී කරගනිමින් එල්ල කළ මෙම ප්‍රහාරය නිසා අබ්කායික් තෙල් සැකසුම් මධ්‍යස්ථානය තුළ මේ වන විටත් දරුණු පිපිරීම් හා ගිනි දළු ඇති වෙමින් තිබෙනවා. ශ්‍රී ලංකා වේලාවෙන් අද පාන්දර 5.30 ට පමණ මෙම ප්‍රහාරය එල්ල වී තිබෙන අතර යේමනයේ හුටී සටන් කරුවන් විසින් මෙම ප්‍රහාරය සිදුකොට ඇති බන වාර්ථා වනවා.

‍ලොව බොහෝ රටවල් වලට තෙල් අපනයනය සිදුකරන්නේ මෙම අබ්කායික් තෙල් පිරිපහදුවයි. මෙම ප්‍රහාරය නිසා තෙල් බැරල් මිලියන ගණනක් මේ වන විට විනාශ වී තිබෙනවා. රොයිටර් පුවත් සේවය පවසන්නේ මේ හේතුවෙන් ඔවුන්ගේ ඉදිරි දිනවලදී තෙල් අපනයනය පිළිබඳ ගැටලු මතුවිය හැකි බවයි.

‍”මේ විනාශ වෙමින් තිබෙන්නේ ගෝලීය තෙල් පිරිපහදුවේ හදවතයි. මෙය දරුණු හෘදයාබාධයක්. විනාශයේ තරම අපි තවමත් දන්නේ නෑ” යැයි පිරිපහදුවේ උපදේශකවරයකු වූ රොජර් ඩිවාන් මාධ්‍යට පවසා තිබුනා. කෙසේ නමුත් සිදුවූ විනාශය හේතුකොටගෙන ඉදිරියේදී ගෝලීය තෙල් මිල ඉහළ යා හැකි බව ආර්ථික විශ්ලේෂකයින් පවසා තිබෙනවා.

ගල්ෆ් යුධගැටුම් වල අතුරු ප්‍රථිපලයක් ලෙස විනාශ වූ සවුදි තෙල් හදවතේ දුක් සුසුම තවත් නොබෝ දිනකින් ලොව බොහෝ රටවලට දැනේවි. මෙය සවුදියට එල්ල වූ ප්‍රහාරයක් නොව ලොව බොහෝ රටවලට එක වර එල්ල කළ ප්‍රහාරයකි.


හසිත හේරත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button