පුරවැසි කොළම

මැරුණා යයි කී දීඝධන්තු කලා වැවෙන් මතුවේ

මැරුණා යයී කී දීඝධන්තු කලා වැව ප්‍රදේශයෙන් ඊයේ(11) මතුවී ඇත. නමුත් කවුරුත් නොදන්නා ඇතෙක් මියගොස් ඇත. කවුරුත් නොදන්නා තව ඇතුන් පිරිසක් තවමත් වනඅරණේ වැජබෙනු ඇත. “කවුරුත් නොදන්නා” වීම දැන් සුළුවෙන් තැකිය නොහැක. ඇතුන් මිහිපිට පණැති මාණික්‍යයන්ය. ස්වභාවික හේතුන් ඇර වෙනත් සිද්ධි මත මියයාමට ඔවුන්ට ඉඩ නොදිය යුතුය. ඒවා වැලැක්විය යුතුය. ඒ සඳහා වැඩපිලිවෙලක් වනජීවී ලොක්කන් හෝ ඇමතිලා පේන තෙක් මානයක සදා නොමැත. වනජීවිය යනු ලාබ උපරිමයෙන් ඇති ඉතා සුළු මෙහෙයුම් වියදම් සහිත රාජ්‍ය ආයතනයකි. කොටින්ම ස්වභාවධර්මයෙන් අපට ලබා දුන් සම්පත් නොමිලේ පෙන්වා හම්බකරගැනීමකි. ඉතින් එයින් ටිකක් වනජීවී සුභසාධනයට යෙදුවොත් නරකද? උද්‍යානවලට වනජීවී නිලධාරීන් ටිකක් බඳවා ගත්තොත් නරකද? නිතර දළ ඇතුන් දකින්න මේ අප්‍රිකාව නොවේ (ධනවාදයට ස්තුතීවෙන්න දැන් එහෙත් එහෙම දකීන්නට බැරීය) අඩුම ගානේ ඉන්න ඇතුන් ටික ලේඛණගත කර දත්ත ගබඩාවක් සදා ඔවුන්ගේ හැසීරීම හා සංචරණය ට්‍රැකින් කලොත් වෙන්නේ මොකක්දැයි පැහැදිලි අවබෝධයක් ලැබෙනු ඇත. නැත්නම් අන්තිම ඇතාත් මරා දමන හෝ මියයන තෙක් මේ රටම නොදැන සිටිය හැක. ඒ සඳහා සම්පත් ලබා ගැනීමට ඇති තරම් මුදල් වනජීවියට වාර්ෂිකව ගලා එයි.

සංචාරක කර්මාන්තය සමඟ මීට වඩා වනජීවිය සාධණීය ලෙස නඟා සිටුවිය හැක. ඒ කෙසේද යන්නට උපදෙස් අවශ්‍ය නම් එයද සතුන්ගෙ සුභසාධනය වෙනුවෙන් නොමිලේ ලබාදෙන්න අප වැනි බොහෝ පිරිසක් සුදානම්ය.

කොහොමවුනත් කවුරු කොහොම කීවත් වනජීවයෙන් හම්බකරන් සංචීත තර කරමින් බඩකට පුරවාගන්නා වනජීවී ලොක්කෝ හා ඇමතී තව දුරටත් නිදාගනු ඇත. එය මේ රටේ හැටීය. සත්‍තුන්ට කතා කිරීමටද නොහැකිය. දීඝධන්තු නුඹට දීර්ඝායුෂ.


කල්පනා රංගි අඹේපිටිය

ඡායාරූප – චානක සඳරුවන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button