දේශීය

පරිසර හිතකාමි ජල විදුලි බලාගාර වල්වැදී දිරායමින් පවතී

පුනර්ජනනීය බලශක්තිය නිෂ්පාදනය පරිසරයද සංරක්ෂණය කරමින් ක්‍රියිත්මක කිරිම සම්බන්ධයෙන් උනන්දුවක් පවතින හා නිෂ්පාදන පිරිවැය ඉහලයාම අර්බුධයක් බවට පත්ව ඇති වකවානුවක ජාතික විදුලිබල පද්ධතියට කිලෝ වොට් 1.28 විදුලිය ප්‍රමාණයක් ලබාදුන් දික්ඔය හයිඩ්රෝ ඉලෙක්ට්‍රිකල් පවර් ප්‍රොජෙක්ට් නම් කුඩා ජල විදුලිය බලාගාරය ඇතුළු කුඩා ජලවිදුලි බලාගාර කිපයක් කඳුකර ප්‍රදේශයේ වසර ගනනාවක සිට සෙවයක් ලබා නොගෙන වසාදමා දිරායමින් පවතී.

හැටන් – දික්ඔය වනරාජ ප්‍රදේශයේ කාසල්රි ජලාශයට ඉහලින් දික් – ඔය හරස් කරමින් ලබාගන්නා ජලයෙන් ක්‍රියාත්මක වු මෙම කුඩා ජල විදුලිය බලාගාරය තුලින් එවකට කිසිදු පාරසරික හානියක් හෝ බලපෑමක් නොමැතිව ජාතික විදුලිය පද්ධතියට විදුලිය සැපයිම හා පවුල් රැසකට ජිවත් වීමට රක්ෂාවක් වු ආයතනයකි.

1996 වර්ෂයේදී වසරේ සිට ක්‍රියාත්මක වු මෙම ආයතනය වසර 20 ක ගිවිසුම කල් ඉකුත් වීම හා නිෂ්පාදනය කෙරෙන විදුලි ඒකකයක් සදහා ලංකා විදුලිය බල මණ්ඩලයෙන් ලබා දෙන මුදල ප්‍රමාණවත් නොවීම ආදි කරුණු නිසා වල් බිහිවෙන්නට අතහැර දමා තිබේ.

එමෙන්ම වටවල ප්‍රදේශයෙන් මහවැලි ගංගාවේ ජලය ලබාගෙන දියගල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය කුඩා ජල විදුලි බලාගාරයද වසර ගනනාවක සිට වසා දමා පාළුවට ගොස් අැත.

පුද්ගලික වුවත් රාජ්‍ය වුවත් මෙහි ඉදිකිරිම් සදහා විශාල මුදලක් වැය කර ඇති අතර එයින් තවදුරටත් සේවය ලබා ගන්නේ නම් එය ජාතික ආර්ථිකයට පිටුවහලක් වනුයේ ඉන්ධන බලාගාරයක විදුලිය උත්පාදනය කිරිමේ දී මෙන් අධික පිරිවැයක් දැරිමට සිදු නොවීමත් පාරිසර හිතකාමිත්වයත් නිසාය.

එමෙන්ම වසරේ බොහෝ කාලයක් වර්ෂාව පවතින මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට සුර්ය කෝෂ ආශ්‍රයෙන් විදුලිය නිෂ්පාදනය හෝ සුලං බලාගාර වලට වඩා ඵලදායි ලෙස ගලාබසින ජලයෙන් ප්‍රයෝජන ගත හැකීවීමය.

විශේෂයෙන්ම තේ කර්මාන්තශාලා සදහාද මුල් කාලයේ එම තේ වතුවලින් ගලාබසින ජල පහර උපයෝගී කරගනිමින් කුඩා බලාගාර පවත්වාගෙන යමින් තේ කර්මාන්තය ශාලාවල ක්‍රියාකාරිත්වයට යොදාගනු ලැබීය.නමුත් මේ වන විට ඒ කිසිවක් ක්‍රියාත්මක නොවන අතර එවන් බලාගාර යලි ක්‍රියාත්මක මට්ටම දක්වා ගෙන ඒම ජාතික ආර්ථිකයට පිටුවහලකි.

මේ තත්ත්වය පිළිබදව සුනිත්‍ය බල ශක්ති අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විමල් නදීර මහතාගෙන් කල විමසිමකදී පැවසුවේ ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට කටයුතු කරන බවත්, වසර 20 ක ගිවිසුම් කල් ඉකුත්වු ආයතන සම්බන්ධයෙන් නැවත ගිවිසුම් ඇතිකර ගැනීම හා යල්පැන ගිය තාක්ෂණය වෙනුවට නව තාක්ෂණික ප්‍රවණතාවයකින් යලි ක්‍රියාත්මක කිරිමට අවශ්‍ය පියවර ගන්නා බවත්ය.


චමත් කාවින්ද
ජනයුගය – හැටන් වාර්තාකරු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button