සමාජ

අද, ලෝක සියදිවි හානි කරගැනීම් වැළැක්වීමේ දිනයයි….

ජීවිතයක් සියතින්ම අහිමි කරගැනීම සම්බන්ධයෙන් වාර්තා කිරීමේදී ලෝකය පුරා පිළිගත් ජනමාධ්‍ය ආචාර ධර්මයන් පවතී. එවන් ආචාර ධර්මයන් පැවැතීමේ මූලිකම අවශ්‍යතාවය වන්නේ, ජීවිතය අහිමි කරගැනීමේ ප්‍රවෘත්තියක් වාර්තා කරන ආකාරය අනුව එයින් තවත් අයෙකුට සිය ජීවිතය අහිමි කරගැනීමට වක්‍රාකාරයෙන් බලපෑමක් සිදුවීමට හැකියාවක් පවතින බැවිනි. 2017 සහ 2018 වසර දෙක තුළ ජීවිතය අහිමි කරගැනීම් සම්බන්ධයෙන් තෝරාගත් පුවත්පත් කිහිපයක මාධ්‍ය ආචාර ධර්මයන්ට අනුකූල නොවන ලෙසින් වාර්තා කිරීම් සිදුවූ ප්‍රමාණය පහත දක්වා ඇත.

සියදිවි නසාගැනීම් යනු සමාජයීය ගැටළුවක් බවට පත්ව තිබීම නිසාවෙන්ම, ලෝක සියදිවි හානි කරගැනීම් වැළැක්වීමේ දිනයක්ද ප්‍රකාශයට පත්වී තිබේ. එනිසා ආචාර ධාර්මික අයුරින්, හැකිතාක් අවම ප්‍රමුඛතාවයක් ලබාදෙමින් දිවි අහිමි කර ගැනීමේ පුවත් වාර්තා කිරීමට ප්‍රවේසම් වීමත්, එවන් පුවත් සමගින් හදිසි උපකාරක අංක සඳහන් කිරීමත් වගකීම් සහගත මාධ්‍යකරණයක් බව අපි කියා සිටිමු.

අද, ලෝක සියදිවි හානි කරගැනීම් වැළැක්වීමේ දිනයයි….


Ethics Eye ඇසුරින්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button