දේශීය

කෞතුකාගාර නඩුවෙන් ගෝඨා හිර වෙන ලකුණු….

ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදි කිරීම සඳහා රාජ්‍ය මුදල් අවභාවිතා කළ බවට ගෝඨාභය රාජපක්ෂට එල්ල වී ඇති චෝදනා සමබන්ධයෙන් වන නඩුව ඉතාමත් බලපතළ තත්ත්වයේ පවතින බව අධිකරණ ආරංචිමාර්ග සඳහන් කරයි. ඒ නිසා මේ වන විටත් ගෝඨාභය රාජපක්ෂගේ පාර්ශ්වය කටයුතු කරමින් සිටින්නේ මෙම නඩු විභාගයට මුහුණදී තම නිර්දෝශී භාවය ඔප්පු කිරීමට නොව නඩුව විභාගයට ගැනීම අත්හිටුවීමට හෝ හැකිතාක් ප්‍රමාද කිරීමට බව ද සඳහන්ය.

ශ්‍රේෂ්ඨාධිකරණයට හා අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම්, විවිධ හේතුමත විදෙස්ගත වීම්, අසනීප වීම් ඇතුළු නොයෙක් හේතු ඉදිරිපත් කරමින් නඩුව ප්‍රමාද කිරීමට කළ හැකි සියලුම දේවල් මේ වනවිට සිදුකර අවසන් හෙයින් ඔක්තෝබර් 15 වනදා සිට එය විභාගයට ගැනීම නතර කර ගැනීමට මේ වන තෙක් සමත් වී නොමැත.

කෙසේ වෙතත් මේ වන විට ලංකාවේ මිල අධිකම නීතිවේදීන් රැසකගේ සහයෝගය මේ වෙනුවෙන් ලබා ගැනීමට ගෝඨාභය රාජපක්ෂ කටයුතු කරමින් සිටින බව ද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button