ක්‍රීඩා

එකම ඕවරයේදී ලෝක වාර්තා 03 ක්

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර දැන් පැවැත්වෙන 20 – 20 තරගයේදී පිට පිටම යැවූ පන්දු 04 කින් කඩුලු 04 ක් දවාගත් ලසිත් මාලිංග එවන් දස්මක් කළ ලොව පළමුවැනි ක්‍රීඩකයා ලෙසින් ක්‍රිකට් ඉතිහාසයට එක්විය.

ඒ සමගම කඩුලු ත්‍රිත්වයක් ද ලබාගත් මාලිංග 20 – 20 අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවේදී කඩුලු ත්‍රිත්ව 02කට හිමිකම් කී ලොව පළමු වැනි ක්‍රීඩකයා ලෙසින්ද ඉතිහාසගත විය.

අද තරගයේදී කොලින් මුන්රෝ දවාගැනීමත් සමගම 20 – 20 අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවේදී කඩුලු 100ක් ලබාගත් ලෝකයේ පළමුවැනි පන්දු යවන්නා ලෙසි ද ලසිත් මාලිංග ක්‍රිකට් ඉතිහාසයට එක්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button