විශේෂාංග

ලෝකයේ සාමකාමීම මුස්ලිම්වරු – බෝරා

මේ ටිකේ අපේ ජාතිවාදී සෙට් එකට අලුත් පොයින්ට් එකක් අහු වෙලා. බුකිය ගන්න දෙයක් නෑ. ජාත්‍යාලය පිරිලා. බෝරා කියලා මුස්ලිම් සෙට් එකක් බැහැල කියලා. ඇත්තටම කවුද මේ බෝරා කියන්නේ. Facebook එකේ දාන පෝස්ට් දැක්කම හිතෙන්නේ ගොඩක් අයට මේ ගැන අවබෝධයක් නෑ වගේ.

බුද්ධාගමේ තියෙනවානේ මහායාන තේරවාද කියලා කොටස් දෙකක්. ඒ වගේ ඉස්ලාම් ආගමත් නබිනායකගේ මරනයෙන් පස්සේ ප්‍රධාන නිකාය දෙකකට කැඩෙනවා. සුන්නි සහ ෂියා කියලා. සූන්නි කියන කොටස අතිශය සාම්ප්‍රදායික වෙනකොට ෂියා කියන කොටස නව්‍යත්වය අගය කරනවා. මේ දෙගොල්ලන්ගෙ කුරානය පවා වෙනස්. වහාබ් වාදය, ශරියා, නිකාබය, බුර්කාව වගේ දේවල් සුන්නී අයගේ ආගමික හා සංස්කෘතික ලක්ෂණ වුනාට ෂියා අය මේවා බොහොමයක් ප්‍රතික්ෂේප කරනවා. කෙටියෙන් කීවොත් සුන්නී වගේ අන්තවාදී මූලධර්මවාදී ප්‍රචන්ඩකාරී නෑ ෂියා.

බෝරා කියන්නේ මේ ෂියා නිකායේ අනු කාන්ඩයක්. මේ අය ගොඩක් රට වල ජීවත් වෙනවා සුලු ජාතීන් විදිහට. පිරිස අතින් ගත්තම සුලු පිරිසක් ඉන්නේ.පකිස්තානය හා අරාබි රට වලත් අති මහත් බහුතරය ඉන්නේ සුන්නි අය. ඒ නිසා තමා ඒ රටවල් අන්තවාදී. ලෝකයේම ගත්තත් වැඩියෙන්ම ඉන්නේ සුන්නි අය. මේ බෝරා අය අපි වගේම සහරාන් ලා ISIS වගේ සුන්නි අයගෙන් සෑහෙන තාඩන පීඩනවලට ලක් වෙන අය.

මේ අය මුස්ලිම් වුනාට, වෙනස් වීම් ලෝක ප්‍රවනතා පිළිගන්න අය. ඒක නිසා ලෝකේ මුස්ලිම් ව්‍යාපාර බොහොමයක් අයිති මේ මිනිස්සුන්ට. ඒත් ප්‍රමාණයක් වශයෙන් අඩුයි. මේ අය රටවල් අල්ලන්න ගර්භාශ යුද්ධ කරන්න යන්නේ නෑ. ISIS වගේ ත්‍රස්තවාදී සංවිධාන හදාගෙන රටවල් අවුල් කරන්න යන්නේ නෑ. මුස්ලිම් අයගේ ඉන්න අහිංසකම කොටස තමයි බෝරා කියන්නේ. ලංකාවෙත් පාරම්පරිකව ව්‍යාපාර සාර්ථක කරගත්ත මිනිස්සු මේ බෝරා අය. මේ අයගේ පවුල්වල සුන්නි උදවියගේ වගේ ළමයි දුසිම් ගනන් නෑ…. ඉන්නේ මොන රටේද ඒ අය ඒ රටේ සංස්කෘතියට හුරු වෙනවා…. එයාලාගේ කුරාණය ලිහිල් ප්‍රතිපත්ති පිළිගන්න නිසා ඒ අයට මිනිස්සු එක්ක එකට ඉන්න පුලුවන්.

ඒක නිසා ඔය බෝරා අයගෙන් ගේම ඉල්ලන්න එපා. ඒ අය ඔය සමුළුව කරලා එයාලාගේ රටවල් වලට යනවා. ඒ අය මේකෙ බින්න බහින්නේ නෑ. ඒ අයට වුවමනා හැම රටක් එක්කම සුහදව ඉන්න. අපේ රටේ සහරාන්ලා (සුන්නි අය) කරපු විනාශය නිසා අපේ රට වැටුන වෙලාවේ, බෝරා අය එන්නේ සුන්නි අයට රිද්දන්නත් එක්ක. මොකද අපි වගේම සුන්නි අයගේ ඉස්ලාම් අන්තවාදයට බෝරාවරුනුත් ගේම ඉල්ලනවා….


යුගාන් සිල්වා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button