දේශපාලන

UNP ජනපති අපේක්ෂකයා නාමයෝජනා කැඳවිමෙන් පස්සේ

එක්සත් ජාතික පක්‍ෂ ව්‍යවස්ථාවට අනුව ජනාධිපති අපේක්‍ෂකයා තෝරා ගත යුත්තේ, මැතිවරණ කොමිසන් සභාව විසින් බවත්, ඒ ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා කැඳවීමෙන් අනතුරුව බවත් එම පක්‍ෂය පවසයි.

මීට අදාළව දැනට මතුව ඇති සාකච්ජාව පිළිබඳ අදහස් දක්වමින් පක්‍ෂයේ නීති ලේකම් නිශ්ශංක නානායක්කාර පක්ෂය වෙනුවෙන් මේ බව පැවසීය. ජනාධිපති අපේක්‍ෂකයා තෝරා ගැනීම සඳහා පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් නාම යෝජනා කමිටුවක් පත් කළ යුතුයි. ජනාධිපති අපේක්‍ෂකයා තෝරා ගනු ලබන්නේ, එම මණ්ඩලය විසින්.

එහිදී තෝරා ගන්නා අපේක්‍ෂකයාගේ නාමය කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් අනුමත කළ යුතු බව ඔහු සඳහන් කළේය. මෙම ප්‍රතිපාදන සහිතව පක්‍ෂ ව්‍යවස්ථාව සකසන ලද්දේ හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා විසින් බවද නීති ලේකම් නිශ්ශංක නානායක්කාර පෙන්වා දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button