දේශීය

දීග ධන්තුගේ මළ සිරුර හමුවේ

කලාවැව රක්ෂිතයේ සියඹලාගස්පිටිය ප්‍රදේශයේ තිබී දීග ධන්තු 01 ඇතාගේ මළ සිරුර සොයා ගෙන තිබෙන බව වාර්තා වෙනවා.

වයස අවුරුදු 45ක් පමණ වන මෙම ඇතාගේ පිටතට පෙනෙන දළ යුගලයේ දිග අඩි තුනහමාරත් හතරත් අතර බව සඳහන්.

ගල්කිරියාගම වනජිවි කාර්යාලයේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ දීග ධන්තු ඇතාගේ සිරුරේ පශ්චාත් මරණ පරීක්ෂණය අනුව, තවත් ඇතෙකුගේ පහරදීමෙන් මෙම මරණය සිදුව ඇති බවට අනාවරණය වන බවයි.

කෙසේ වෙතත්, ඇතා මියගොස් සති 2ත්, 3 ත් අතර කාලයක් ගතවී ඇති අතර ඇතාගේ සිරුර හමුවී ඇත්තේ ගල්කිරියාගම වනජිවි කාර්යාල නිලධාරින් පිරිසක් විදුලි වැටක් පරික්ෂා කිරීමට ගිය අවස්ථාවේදීයි.


ඡායාරූපය – ජනක බණ්ඩාර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button