විදේශීය

බුලට් වගේ වේගෙන් යන ජපන් කෝච්චියක, අතරමගදී දොරක් විවෘත වෙයි

දුම්රිය තාක්ෂණය අතින් ලොව ප්‍රමුඛම ස්ථානය හොබවන ජපානයේ දුම්රිය ගමනකදී විය නොවන සිදුවීමක් පසුගිය සතියේ සිදුවුනා.ඒ පැයට කිලෝමීටර් 280 ක වේගයෙන් ගමන් කරන ශින්කෙන්සන් දුම්රියක 9 වන මැදිරියේ දොරක් විවෘතව ගමන් කිරීමයි.

මගීන් 350ක් සමග ජපානයේ සෙන්ඩායි සිට ටෝකියෝ දක්වා ගමන් ඇරඹූ මෙම දුම්රිය ඉතා වේගයෙන් ගමන් කරමින් උමං මාර්ගයක් තුළට ඇතුළු වූ අතර ඒ වන විටත් දැල්වෙමින් තිබුණ හදිසි රතු ආලෝක සංඥාව දුම්රිය නිරීක්ෂණ නිළදාරියාගේ නෙත ගැටුනු අතර එය නිරීක්ෂණය කිරීමට 9 වෙනි මැදිරියට ඇතුල් වූ විට ඔහු දුටුවේ වේගයෙන් ගමන් කරන දුම්රියේ මැදිරියේ දොර තවමත් ඇරී පවතින බවයි. වහාම රියැදුරු දැනුවත් කරමින් ඔහු උමං මාර්ගය තුළම දුම්රිය නවත්වා ගනු ලැබූ අතර කෙටි වේලාවක් දොර විවෘත වූ ආකාරය නිරීක්ෂණය කළ අතර පසුව අදාල වේලාවට මිනිත්තු 15ක ප්‍රමාදයකින් පසුව නියමිත ගමනාන්තයට ලඟා වුනා. එම අනතුරුදායක සිදුවීමෙන් දුම්රියේ ගමන් කළ කිසිම මගියෙකුට සුළු හානියක් හෝ සිදුවී තිබුනේ නැහැ.

‍මෙම අධිවේගී බුලට් දුම්රිය වල දොරවල් රියැදුරු විසින් විවෘත කිරීම සහ වසා දැමීම සිදුකරන අතර, හදිසි අවස්ථාවක විවෘත කරගැනීමට දොරකට එක බැගින් වූ හදිසි අගුලක්ද මැදිරිය තුළ ස්ථාපිත කොට තිබෙනවා. පද්ධතියේ වූ දෝශයක් හෝ කිසියම් පුද්ගලයකුගේ ක්‍රියාවක් නිසා මෙය විවෘත වී ඇත් දැයි ඔවුන් පරීක්ෂා කිරීමට එම දුම්රිය වහාම දුම්රිය අංගනය වෙත යොමු කළ ජපන් දුම්රිය බළධාරීන් සිදුවූ දෝෂය හා ප්‍රමාදය වෙනුවෙන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලූයේ නැවත මෙවැනි දේ නොවීමට වග බලාගන්නා බව පවසමින්.


හසිත හේරත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button