දේශීය

පාස්කු ප්‍රහාරයෙන් මියගිය අය ශාන්තුවරයට එසවීමට යෝජනා

ඉතාලි රදගුරු මණ්ඩලයේ සභාපති

පාස්කු දිනයේ කොළඹ කොච්චිකඩේ සාන්ත අන්තෝනි දේවස්ථානයේ සහ මීගමුව කටුවපිටිය සාන්ත සෙබස්තියන් දේවස්ථානවලදී පුපුරා ගිය බෝම්බ හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ කතෝලික බැතිමතුන් සාන්තුවරයට ඔසවන ලෙස ෆ්‍රැන්සිස් පාප් වහන්සේට යෝජනා කරන බව ඉතාලි රදගුරු මණ්ඩලයේ සභාපති ගුවාල්ටියරෝ කාදිනල් බසෙට්ටි තුමන් විසින් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුට ප්‍රකාශ කර ඇත.

ඒ ඊයේ (25) රාගම තේවත්ත බැසිලිකා දෙව්මැදුරේ පැවති රෝගීන් ආශිර්වාද කිරීමේ දිවය පූජාවට එක්වෙමිනි.

මැල්කම් කාදිනල් තුමන් සමග කටුවපිටිය දේවස්ථානයට හා ජීවිතක්ෂයට පත්වූ බැතිමතුන් වළ දැමූ සුසානභූමි නිරීක්ෂණයට ගොස් ඇති ඉතාලි කාදිනල් තුමන් ප්‍රකාශ කර ඇත්තේ එම බැතිමතුන් අනාගතයේදී සාන්තුවරයට එසවීමට සිතා සිටින නිසා ඔවුන් වළ දමා ඇති සුසාන භූමි ආරක්ෂා කර ගන්නා ලෙසයි.

ඉතාලි කාදිනල් තුමන් ලබන මස 3 වැනිදා පාප්වහන්සේ හමුවී මෙම යෝජනාව ඉදිරිපත් කරන බවද ප්‍රකාශ කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button