විද්‍යාව

Android වෙනුවට Huaweiයෙන් එන Harmony OS එක

මේ අවුරුද්ද Huawei දුරකථනවලට නම් සුබදායක අවුරුද්දක් වුණේ නෑ. පසුගියදා ඇමෙරිකාවේ තහනම නිසා ඔවුන්ට මුහුණ දෙන්න වුණු ප්‍රශ්න එයට හොඳම උදාහරණයක්. ඇමෙරිකාව විසින් එම තහනම ඉවත් කරනු ලැබුවත් Huawei සමාගම android මෙහෙයුම් පද්ධතිය වෙනුවට ඔවුන්ගේම ප්‍රථම OS එක පසුගියදා රිලීස් කළා. මෙය නම් කරලා තියෙන්නේ Harmony OS යනුවෙන්. දැන් එතකොට Huawei භාවිත කරන අයට ගැටලුවක් ඇතිවෙයි “එතකොට අපේ android os එක?” කියලා…. ඒ ගැන ඔබ බය වෙන්න ඕනේ නැහැ…. එය ඔබට සාමාන්‍ය විදියටම භාවිත කරන්නට පුළුවන්.

Huawei ආයතනය 2020 සිට ඔවුන්ගේ OS එක ඔබට ලැබෙන්න සලස්වන බව තමා ප්‍රකාශ කර සිටියේ. මේ OS එක Android සහ iOS වලට වඩා 70%කින් වේගවත් බව සමාගම මේ වනවිටත් සහතික කර තිබෙනවා. ඒ අනුව ඉදිරියේදී Android, iOS මෙහෙයුම් පද්ධති යුද්ධයට Huawei ආයතනයේ Harmony OS එකත් එකතු වේවි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button