පුරවැසි කොළම

ගහෙං වැටුණු දමිත් අසංකට ඩිල්ශාන් ඇනපු හැටි

ඩිල්ෂාන් කරපු දමිත් අසංකගෙ වීඩියෝ එකේ tittle එක “දමිත් අසංක රහත් වෙලා? ” කියන එක. හැබැයි ඒකට යටින් ඩිල්ෂාන්ම කමෙන්ට් එකක් දානව “දමිත්ව හැමෝටම අමතක වෙලා තියෙද්දි අපි තමා හොයාගෙන ගියෙ කවුරු නැතත් අපි ගොඩ දානවා” වගේ කතාවක්.

දැන් ඇත්තටම දමිත්ට උදව් කරන්න ඕනෙ නම් කරන්න ඕනෙ මෙහෙම වීඩියෝ එකක් දාන එක නෙමෙයි කියල ඩිල්ෂාන් දන්නෙම නැද්ද?.

මානසිකව අසරණ වෙලා ඉන්න, තමන්ගෙ මානසික තත්වය ගැන ස්වයං අවබෝධයක් (insight) නැති මනුස්සයෙක්ගෙන් ක්‍රිෂ්ණමූර්තිගෙන් අහන්නා වගේ විකාර ප්‍රශ්න අහන එක මහ ජරා වැඩක් කියල ඩිල්ෂාන් දන්නෙම නැද්ද? නීතිවේදියෙක් ය කියන ඩිල්ෂාන් ඒවා දන්නෙම නැද්ද?.

එහෙව් කන්ටෙන්ට් එකක් තියන වීඩියෝවට බලන්න හිතෙන ටයිටල් එකක් දාලා කුණු රසක් එකතු කරන්නෙ ඒක හිඟා කනවටත් වඩා කැත වැඩක් කියල ඩිල්ෂාන් දන්නෙම නැද්ද?.

දමිත් අසංක අසරණයි. එයා ඉන්න තත්වය ගැන එයාට අවබෝධයක් නෑ, ස්වයං කියවීමක් නෑ. ඒ නිසා එයාට උදව් අවශ්‍යයි.

හැබැයි දමිත්ගෙ වීඩියෝව අවුට් කරපු ඩිල්ෂාන්ට ස්වයං කියවීමක් තියනවා. සමහර විට අශේන්ලට නැතුව ඇති. හැබැයි නීතිය කරපු, දෘෂ්‍ය මාධ්‍ය ක්ශේතරයෙ අවුරුදු ගාණක අත්දැකීම් තියන ඩිල්ෂාන්ට තමන් කරන වැඩේ ගැන හොඳ සංවේදනයක් තියනවා. වැඩේ වැරදියි කියන්නත් දන්නවා.

එහෙම දැනගෙනත් සල්ලි හෝ ප්‍රසිද්ධිය ලොකු වීම නිසා අර වගේ තුට්ටු දෙකේ වැඩක් කරනවා.

අශේන්ලා ඉරාජ්ලා නටන්නෙ හෙලුවෙන් නම් ඩිල්ෂාන් නටන්නෙ ටයි එක විතරක් දාගෙන.


හසින්ද උදලාගම

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button