දේශීය

කොළඹ ඉඳන් බෝට්ටුවෙන් වැඩට යන්න

කොළඹ නගරයේ මහා මාර්ග තදබදයට විසඳුමක් ලෙස මගී ප්‍රවාහන බෝට්ටු සේවාවක් හෙට (22) සිට ආරම්භ කෙරෙනුඇති.

කොළඹ යූනියන් පෙදෙස සිට කොළඹ කොටුව දක්වා ක්‍රියාත්මක කිරීමට මෙම බෝට්ටු සේවය බේරේ වැව මගී ප‍්‍රවාහන යාත‍්‍රා සේවය නමින් හඳුන්වා ඇති අතර එමගින් මිනිත්තු 9 -10 ක් අතර කාලයකින් ගමනාන්තයට ළඟා විය හැකි බව පැවසේ.

රථවාහන තදබදයට විසඳුමක් ලෙස නගරය පුරා ඇති අභ්‍යන්තර ජල මාර්ග ඔස්සේ මගී ප‍්‍රවාහන බෝට්ටු සේවාවක් ආරම්භ කිරීම සඳහා ඇති හැකියාව පිළිබඳව සිදු කරන ලද විද්‍යාත්මක ශක්‍යතා අධ්‍යනයකින් අනතුරුව මෙම මගී ප‍්‍රවාහන යාත‍්‍රා සේවය ක්‍රියාත්මකවන බව මහ නගර බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.

මුල් මාසය ඇතුළත මගී ජනතාවට නොමිලේ මෙම සේවය ලබාගැනීමට අවස්ථාව සැලසෙනු ඇත. ශ‍්‍රී ලංකා නාවුක හමුදාව හා ඒකාබද්ධව ක්‍රියාත්මකවන මෙම යාත‍්‍රා සේවය නාවුක ගමනා ගමනයේදී පිළිපැදිය යුතු සියළු ආරක්‍ෂක විධිවිධාන අනුගමනය කරමින් ක්‍රියාත්මකවන අතර ශ‍්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව මෙම සේවාව පවත්වාගෙන යනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button