දේශීය

රටේ දරුවන් 39,000ක් අනතුරුදායක රැකියාවල

මෙරට වයස අවුරුදු දහහතට අඩු දරුවන්ගෙන් 39007 දෙනකු අන්තරායකාරී රැකියාවල යොදවා සිටින අතර, අවුරුදු එකොළහට අඩු දරුවන් 3002 දෙනකු ළමා ශ්‍රමිකයන් ලෙස යොදවා සිටින බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සිදු කරන ලද සමීක්ෂණ වාර්තාවකින් අනාවරණය වී තිබෙනවා.

මෙරට සිටින වයස අවුරුදු දහහතට අඩු වයසේ දරුවන් පිළිබඳව ඛේදනීය තොරතුරු රැසක් සමීක්ෂණය මඟින් හෙළි කරගෙන තිබෙනවා. එම වයසේ මුළු ළමා ජනගහනය හතළිස්පන් ලක්ෂ හැත්තෑ එක් දහස් පන්සියහතළිස් දෙදෙනෙක් සිට ඇත. මේ පිරිස අතුරින් හාරලක්ෂ පනස්දෙදහස් හයසිය හැට එකක් වූ පාසල් යායුතු වයසේ දරුවන් පාසල් නොයන බව ද හෙළි වී තිබෙන බව සඳහන් වෙයි. පාසල් නොයන පිරිසගෙන් සියයට එකොළහක් හෙවත් හතළිස් නව දහස් පන්සිය අසූ තුන් දෙනකු කිසිදා පාසල් ගොස් නැති බවයි එම වාර්තාවේ සඳහන් වෙන්නේ.

පාසල් නොයන මේ පිරිස අතුරින් තිස්නව දහස් හත් දෙනෙක් අන්තරායකාරී ශ්‍රම කටයුතුවල යෙදී සිටින අතර මේ අයකුගේ දිනක ආදායම රුපියල් තුන්සිය හැත්තෑවකට අඩුය. අනතුරුදායී ශ්‍රම කටයුතුවල යෙදීම පිළිබඳව නිර්ණායකද ඒ වාර්තාවෙන් හෙළි කර ඇත. දූවිලි සහ දුමාරය, ගෑස් සහ ගින්දර, අධික ශබ්දය, අධික ශීතල හෝ උණුසුම, තියුණු ආයුධ භාවිතය, යන්ත්‍රසූත්‍ර ක්‍රියාකරවීම, පොළොව යට වැඩ කිරීම, ප්‍රමාණවත් ආලෝකයක් හෝ වාතාශ්‍රයක් නොමැතිවීම, ඉතා උස් තැන්වල වැඩ කිරීම, රසායන ද්‍රව්‍ය, පුපුරන ද්‍රව්‍ය, විකිරණශීලී ද්‍රව්‍ය ආශ්‍රිත වැඩවල යෙදවීම, ජලය ආශ්‍රිත රැකියා සහ අන්තරායකාරී ඖෂධ සහ මත්ද්‍රව්‍ය ආශ්‍රිත රැකියාවල යෙදවීම ආදිය නිර්ණායකවලට අයත් බවත් සඳහන් වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button