දේශීය

23 වන හමුදාපතිවරයා ලෙස ශවේන්ද්‍ර සිල්වා පත්කෙරේ

හමුදාපති මහේෂ් සේනානායක මහතාගේ විශ්‍රාම ගැනීමෙන් පසුව, නව යුද හමුදාපති වරයා ලෙස ශවේන්ද්‍ර සිල්වා නම්කර ඇත. ඒ ජනාධිපතිවරයා විසිනි.

ඔහු, තම යුද්ධ හමුදා සේවා කාලය තුළ විවිධ ආයතනයන්හි ප්‍රධාන අණ හා පාලන තනතුරු මෙන්ම මව්බිමේහි භෞමික අඛණ්ඩතාවය ආරක්‍ෂා කිරිම සඳහා 2009 මැයි මස දක්වා සිදු කරනු ලැබු මානූෂීය මෙහෙයුම් තුළ රණකාමීත්වයෙන් යුතුව කැපකිරිම් සිදු කළ ජ්‍යෙෂ්ඨ නිළධාරියෙකි. තවද විවිධ වීර ක්‍රියා පදක්කම් රාශියකින් පිදුම් ලබා ඇති මෙම ජ්‍යෙෂ්ඨ නිළධාරියා හමුදා දිවියේ ලැබිය හැකි ඉහලම පදක්කම වන ‘වීරවික්‍රම විභූෂණය’ පදක්කමින්ද පිදුම් ලැබු තවත් එක් විශිෂ්ඨ නිළධාරියෙකු ලෙසද හඳුන්වාදිය හැක.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button