දේශීය

නාවලපිටියේ නාය යාමේ අවදානමක්

නායයාමේ අවදානමක් මතුවීම හේතුවෙන් නාවලපිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් කැටඹුලා, කොන්ගාල වත්තේ වතු නිවාස 18 ක පදිංචි පුද්ගලයන් 75ක් ඊයේ (13) සවස එම වතු නිවාසවලින් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

එම වතු නිවාස පේළිය අසල ඇති කන්දක කොටසක් මෙසේ නායයාමේ හේතුවෙන්.

දැනට එම ජනතාව තාවාකාලිකව කැටඹුලා දෙමළ මහ විදුහලේ නවතා සිටිති.

කොත්මලේ ප්‍රදේශීය ලේකම් කාර්යාලය හා නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය එක්ව මෙම අවතැන්ව සිටින පිරිස් සඳහා අවශ්‍ය පහසුකම් සපයා දීමට පියවර ගෙන තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button