දේශීය

සජිත් – ගෝඨාට, ගෝඨා – බන්ධනාගාරයට

සජිත් ප්‍රේමදාසගේ වෙබ් අඩවිය හැක් (hack) කර ඇතැයි කට කතාවක් ව්‍යාප්ත වුනත් එය සත්‍යයක් නොවන බව මුලින්ම සඳහන් කල යුතුමය. එසේ කටකතාවක් ඇතිවී ඇත්තේ www.sajithpremadasa.com domain නාමයට ගිය විට www.gota.lk වෙබ් අඩවියට ස්වයංක්‍රීයව යොමු වීම (redirect) සිදුවුණු නිසාය.

ඇත්තෙන්ම එසේ සිදුවී ඇත්තේ සජිත් ප්‍රේමදාසගේ වෙබ් අඩවිය හෝ domain නාමය hack කිරීම නිසා නොව ගෝඨාභය පාර්ශවය විසින් එම domain නාමය මිලදී ගෙන, වෙබ් පරිශීලකයෙකු sajithpremadasa.com domain නාමය ඇතුලත් කර වෙබ් අඩවියට පිවිසීමට උත්සහ කරන්නේ නම්, එය gota.lk වෙබ් අඩවිය වෙත යොමුවන ලෙස සකසා තිබීම නිසාය.

දැන් sajithpremadasa.com domain නාමය පිළිබඳව අයිතිය ඇත්තේ ගෝඨාභය පාර්ශවයටය.

මෙම සිදුවීම පිළිබඳව සජිත්ගේ පාර්ශවයෙන් විමසු විට ඔවුන් පවසා සිටියේ .com වෙබ් අඩවිය තමන්ගේ පාර්ශවය විසින් මිලදීගෙන නොතිබුණු බවත්, මිලදීගෙන තිබුනේ .lk නාමය පමණක් බවත්ය. ඊට හේතුව ලෙස, ශ්‍රී ලංකාව තුල වඩා වැදගත් වන්නේ .lk වෙබ් නාමය නිසා බවත් ඔවුන් සඳහන් කර සිටියහ.

ඒ සජිත් – ගෝඨාගේ කතාවය…. හොඳම කතාව ඇත්තේ ඊට පසුවය….

ගෝඨාභයගේ ප්‍රචාරණ කටයුතු සිදුවන්නේත්, නිල වෙබ් අඩවිය ලෙස පවතින්නේත් gota.lk වෙබ් අඩවියයි. නමුත් සජිත් ප්‍රේමදාසගේ .com domain නාමය gota.lk වෙතට redirect වුනත්, www.gotabhayarajapaksa.com ඇතුලත් කල විට අපගේ බලාපොරොත්තුව වන්නේ gota.lk වෙත හෝ ගෝඨාභයට සම්බන්ධ වෙබ් අඩවියකට redirect වෙනු ඇතැයි කියාය. නමුත් සිදුවන්නේ www.prisons.gov.lk හෙවත් ශ්‍රී ලංකා බන්ධනාගාරයේ නිල වෙබ් අඩවියට ප්‍රවේශ වීමයි.


රෝවන් ප්‍රනාන්දු

(මෙම ලිපිය ලියන අවස්ථාවේ තත්ත්වය මෙසේ වුවත්, මින් පසු එය වෙනස් කිරීමට ඔවුන්ට හැකියාව පවතියි. නමුත් අප මේ මොහොතේ පවතින තත්ත්වය පිළිබඳව screenshot මෙහි සඳහන් කර ඇත.)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button