දේශපාලන

‘මඩකලපු විශ්වවිද්‍යාලයට’ ඉඩම් දුන්නේ මෛත්‍රිපාල සිරිසේන

මඩකලපු විශ්විද්‍යාලය ඉදිකර ඇති අක්කර 35 ක ඉඩම එවකට මහවැලි සංවර්ධන අමාත්‍යවරයාව සිටි වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් වසරකට අක්කරයකට රුපියල් 14,000 කට බදු දී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ පවසයි.

එම කරුණු සොයාගෙන ඇත්තේ අධ්‍යාපන හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ අධීක්ෂණ කමිටුව විසිනි.

ආශු මාරසිංහ එම කමිටුවේ සභාපති තනතුර දරයි. ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ ඊයේ (07) දින පාර්ලිමේන්තුවේ දී ය.

මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ,

M.L.A.M හිස්බුල්ලා පිලිබඳ නීතිපති (AG) දෙපාර්තමේන්තුවේ මතය වන්නේ ඔහු අනාගතයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වීමට නුසුදුසු බවය. ඒ මඩකලපුව විශ්වවිද්‍යාලයට අදාළ ගිවිසුම් ඔහු විසින් අත්සන් කළ නිසා බවත්,

බැටික්ලෝ විශ්ව විද්‍යාලය වෙනුවෙන් ආයෝජන මණ්ඩල හා තරුණ කටයුතු අමාත්‍යාංශය සමඟ ගිවිසුම් අත්සන් කළ විට, ගැටුම් ඇති වූ බව නීතිපතිවරයා සොයා ගත් බවත්, ඒ වන විට හිස්බුල්ලා නියෝජ්‍ය අමාත්‍යවරයකු මෙන්ම මඩකලපු විශ්වවිද්‍යාලයේ හිමිකාරීත්වය දැරූ හිරා පදනමේ සභාපතිවරයා ද වූ බවත්,

නීතිපතිගේ ලිපියේ සඳහන් වන්නේ, “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91 වන වගන්තිය ප්‍රකාරව, 2013 ජුනි 11 දින සිට බලපැවැත්වෙන පරිදි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස ඡන්දය ප්‍රකාශ කිරීමට හිස්බුල්ලා මහතාට අයිතියක් නොතිබෙනු ඇති බවත්ය.

ඒ අනුව අනාගතයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වීමට හිස්බුල්ලා සුදුසු නොවන බව නීතිපති දෙපාර්තමේන්තුව පවසා තිබුණු බවට ආශු මාරසිංහ පවසා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button