ක්‍රීඩා

“ඇගයීමක් නැති ක්‍රීඩකයින් වෙනුවෙන් මොනවා හරි කරන්න”

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවෙන් නිසි ඇගයිමක් නොමැතිව විශ්‍රාම ගිය ක්‍රීඩකයන් වෙනුවෙන් යමක් කරන ලෙස තමන් ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලා සිටින බව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත් නුවන් කුලසේකර සිය සමුගැනීමේ කථාවෙන් ප්‍රකාශ කළේය.

ඊයේ (31දා) බංග්ලාදේශය හා ශ්‍රී ලංකාව අතර පැවැති තරගය නුවන් කුලසේකර වෙනුවෙන් නම්කර තිබූ අතර එම තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පහසු ජයක් වාර්තා කිරිමටද සමත්විය.

“මාලිංගගේ කථාව නිසයි මාව නැවතත් ජනප්‍රිය වුණේ. මට ශක්තියක් වුණ සියලු දෙනාටම ස්තූතිය ප්‍රකාශ කරනවා. මාත් සමග සිටපු සියලුම නායකයන්ට හා මගේ සහෘද ක්‍රීඩකයන්ට, ෂම්මි ප්‍රසන්න අයියා හා මගේ පුහුණුකරු චම්පක රාමනායක සර්.” යයි නම් සඳහන් කරමින් ස්තූතිය ප්‍රකාශ කරන බව ඔහු පවසා සිටියේය.

ප්‍රේක්ෂකයන් මාත් එක්ක හිටියා වගේම අපේ ජාතික කණ්ඩායමත් සමගද එලෙස ඉන්නා ලෙස තමන් ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටින බවද ඔහු පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button