දේශපාලන

“පාස්කු ප්‍රහාරයට වැරදි නිළධාරීන් මිසක් මං නෙමෙයි” – සිරිසේන

නිලධාරීන් තමන්ගේ වගකීම් නිසි පරිදි ඉටු කළා නම් නිලධාරීන් තමන් දැනුවත් කළා නම් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගත හැකිව තිබූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගියදා(30) පස්වරුවේ ප්‍රකාශ කළේය.

කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවැති සාමය, සමගිය සහ සහජීවනය සඳහා වූ ජාතික සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම කරුණු සඳහන් කළේය.

එහිදි තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන,

“තොරතුරු ලැබුණු වෙලාවේ නිලධාරීන් ඔවුන්ගේ වගකීම් ඉටුකළා නම් ඔවුන් මා දැනුවත් කළා නම් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගන්න තිබ්බා. නිලධාරීන් ඔවුන්ගේ වගකීම් හරිහැටි ඉටු කළේ නැහැ. අවසානයේදී මාවත් වැරැදිකාරයෙක් කළා. මට අභූත චෝදනා නැගුවා. සිදුවීම් වෙන්න කලින් ඒ ගැන දැනගෙන හිටියා කියලා මට චෝදනා එල්ල වුණා. ඒ තරම් කුහක, ඒ තරම් තමන් නිවැරැදි වෙන්න උත්සාහ කළ නිලධාරීන් පිරිසකුත් හිටියා. ආරක්ෂාව බාරව සිටි නිලධාරීන් ඔවුන්ගේ වගකීම් ඉටුකළා නම් අපට ඒ ජීවිත බේරාගන්න තිබුණා.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරවලින් පසුව රට තුළ බිය, සැක ඇතිවෙලා. සිංහල හා දෙමළ ජනතාව මුස්ලිම් ප්‍රජාව මුස්ලිම් ජනතාව දිහා බලන්නේ සැකයෙන්. මුස්ලිම් ජනතාව ජීවත් වෙන්නේ බයෙන්. ජනතාවගේ සිත් තුළ වෛරය, ක්‍රෝධය ඇතිවෙලා. සාමය, සංහිඳියාව කියද්දි මිනිස්සුන්ට කේන්ති යන තරමට සමාජය බෙදිලා. සමඟිය නැතිවෙලා. ජනතාවගේ හිත් සුව කිරීම පහසු නැහැ. සුවපත් සමාජයක් නිර්මාණය කරන්න අපි සියලු දෙනා එකතු වෙන්න ඕනේ.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button