දේශීය

ජාතික වනෝද්‍යාන සහ වනජීවීන් ලොකු අවධානමක

ශ්‍රී ලංකාව පුරා විහිදී ඇති ජාතික වනෝද්‍යාන තුල ඉතාම දුෂ්කර රාජකාරියක යෙදමින් වනජීවී දෙපාර්තමෙන්තුවට විශාල ආදායමක් ස්වෙච්ඡා සේවකයන් විසින් ගෙන දෙයි. වනෝද්‍යානයන් තුල දැනටමත් කාර්ය මණ්ඩල පුරප්පාඩු විශාල ප්‍රමාණයක් පවතින අතර එසේ තිබියදීත් මෙම ස්වේච්ඡා මාර්ගෝපදේශකයින් ස්ථීර නොකිරීම නිසාවෙන් 2019 අගෝස්තු මස 01 වන දින සිට ඔවුන් සේවයෙන් තාවකාලිකව ඉවත්ව වැඩවර්ජනයකට එලඹීමට තීරණය කර ඇති බවට වැසිවනාන්තර සුරකින්නෝ සංවිධානයට වාර්තා වී ඇත.

මෙලෙස තාවකාලිකව හෝ සේවයෙන් ඉවත්ව වෘත්තිය ක්‍රියා මාර්ග ගනිමින් වැඩවර්ජනයක නිරත උවහොත් එය වනජීවී රක්ෂිත වලට මෙන්ම එම රක්ෂිත තුළ වෙසෙන වනජීවීන්ටද දැඩි බලපෑමක් ඒල්ලවේ. එම නිලධාරීන් සේවයෙන් ඉවත් වුවහොත් එළඹී ඇති නියං කාලය තුල වනජීවින්ගේ පැවැත්මට දිය කඩිති ජලයෙන් පිරවීම, වන අලින් ගම් වැදීම හා වන සතුන් දඩයම් කිරීම වැලැක්වීම වැනි අත්‍යවශ්‍ය රාජකාරි රාශියක් අකර්මණ්‍ය වීමේ අවදානමක් උදා විය හැකිය.

මේ පිළිබඳව අදාල නිලධාරීන්ගේ අවධානය හැකි ඉක්මනින් යොමුකර එයට පිළියම් යොදා වනජීවී රක්ෂිත හා එම රක්ෂිත තුල වෙසෙන්නා වූ වනජීවීන්ගේ ජීවීත වලට මේ මගින් ඒල්ල වන බලපෑම නතර කිරීමට කටයුතු කරන ලෙස වැසිවනාන්තර සුරකින්නෝ සංවිධනය ඉල්ලා සිටියි.


පේශල පසන් කරුණාරත්න
වැසිවනාන්තර සුරකින්නෝ සංවිධානය



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button