දේශීය

මුලතිව් වනයේ මහා පරිමාණ දැව ජාවාරමක්

මුලතිව්, තුනුක්කායි, අයියන්කුලම් රක්ෂිතයෙන් රහසිගතව කපන ලද බුරුත දැව ජාවාරමක් අත්අඩංගුවට ගත් බවට මුලතිව් ඕළුමඩු අඩවිවන කාර්යාලය පවසයි.

ඔළුමඩු අඩවිවන නිලධාරී කාර්යාලයට ලැබුනු තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් විසින් අයියන්කුලම් රක්ෂිතයේ සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී අදාල බුරුත දැව පටවා ගත් බොලෙරෝ වර්ගයේ කැබ් රථයක් පැමිණ ඇති අතර එහිදී අඩඩි වන නිලධාරීන් දැක බුරුත දැව ජාවාරම් කරුවන් කැබ් රථය දමා පලා ගොස් ඇති අතර අනතුරුව අදාල කැබ් රථය හා බුරුත දැව අත්අඩංගුවට ගැනීමට ඔලුමඩු අඩවිවන නිලධාරීන් පියවර ගෙන ඇත.

බුරුත දැව ජාවාරම අත්අඩංගුවට ගැනීම සඳහා අඩවිවන නිලධාරී ආර්.එස්.ඩබ්ලිව්. දිසානායක මහතාගේ උපදෙස් පරිදි බීට්ටු වන නිලධාරී පී.ඩී.කේ.ආර්. ගුණසේකර මහතාගේ නායකත්වයෙන් වන ක්ෂේස්ත්‍ර සහකාර පී.එම්. පතිරාජ සහ වයි.ඩී. පද්මසිරි යන නිලධාරීන් දායක විය.


වන්නි රොමේෂ් මධුෂංඛ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button