දේශීය

චීවරධාරී මැරයන් පිරිසක් ටියුෂන් පන්තියකට ගොස් යකා නටයි

ඉරිදා දින පෙරවරුවේ දිවුලපිටිය ප්‍රදේශයේ නිවසක පුද්ගලික උපකාරක පන්ති පැවැත්වූ ස්ථානයකට ගොස් එම ප්‍රදේශයේ චීවරධාරීන් පිරිසක් මැරයන් මෙන් හැසිරුණේ මේ අයුරිනි.

ඉරිදා දින දහම්පාසල කිසිවෙකුට අනිවාර්ය නැත. අනිවාර්ය කිරීමටද නොහැකිය. මන්ද ආගමක් ඇදහීම, ඉගෙන ගැනීම හෝ ආගමිකත්වය ස්වාධීන කැමැත්තකි.

එමෙන්ම මේ හාමුදුරුවරුන් කියනා අන්දමට දහම්පාසලෙන් උගන්වන්නේ ආගම හෝ ධර්මය දැයි සැකයක් මතුවේ. මන්ද මේ හාමුදුරුවරුන් හැසිරෙන්නේ මැරයන් ලෙසටය. ඊට අමතරව වර්තමානයේ බොහෝ දහම්පාසල් වලින් ධර්මය උගන්වන්නේ නැත. උගන්වන්නේ ආගමික අන්තවාදය සහ ජාතිවාදය ය.

එම නිසා වර්තමානයේ දරුවන්ව මෙවැනි දහම්පාසල්වලට යවනවාට වඩා නොයවා සිටීම කාටත් යහපත් ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button