විද්‍යාව

සඳ තරණයට වසර 50 යි

මිනිසා විසින් සඳ තරණය කර අදට (20) වසර 50 ක් සම්පූර්ණ වෙනවා. මීට හරියටම වසර 50 කට පෙර සැටර්න් V රොකට්ටුවෙන් ගුවන්ගත වූ ඇපලෝ යානයෙන් සඳ මත ගොඩබට නීල් ආම්ස්ට්‍රෝන් 1969 ජූලි 20 වැනිදා සඳ මත පියසටහන් තැබූ පළමු මිනිසා බවට පත් වූ අතර එය සැළකෙන්නේ මිනිස් ඉතිහාසයේ සටහන් වූ යෝධ පියවරක් ලෙසයි.

මෙම යෝධ පියවර සැමරීම සඳහා ඇමරිකාවේ ස්ථාන ගණනාවක සැමරුම් පැවැත්වීමට නියමිත අතර වොෂින්ටන්හි රෝස්බෝල් ක්‍රීඩාංගනයේ, සැටර්න් V රොකට්ටුවේ ජීවමාන ප්‍රමාණයේ අනුරුවක් ප්‍රදර්ශනය කර තිබෙනවා.

ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ සඳ තරණය සිහිපත් කිරීම සඳහා මෙම සතිය ඇතුළත ඇමරිකාව පුරා සැමරුම් අවස්ථා සිය ගණනක් පැවැත්වෙන බවයි. කෞතුකාගාර ප්‍රදර්ශන, වාර්තාමය ප්‍රදර්ශන, විද්වත් සාකච්ඡා, රූපවාහිනී වැඩසටහන්, චිත්‍ර ප්‍රදර්ශන සිහිවටන වෙන්දේසි ආදිය ඊට ඇතුළත් වේ.

මේ අතර සඳමත පා තැබූ පළමු මිනිසා වන නීල් ආම්ස්ට්‍රෝංගේ ප්‍රතිමාවක් නිරාවරණය කිරීම ඔහියෝ ප්‍රාන්තයෝ වපකොනේටාහිදී සිදු වෙනවා. නිව්යෝර්ක්හි ඇමරිකානු ස්වභාවික ඉතිහාස කෞතුකාගාරයේද විශේෂ වැඩසටහනක් පැවැත්වෙන අතර වොෂින්ටන් ඩීසීහි ජෝන් එෆ්. කෙනඩි ප්‍රසාංගික කලා මධ්‍යස්ථානයේදී විශේෂ සංගීත වැඩසටහනක් ද පැවැත්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button