දේශීය

ගිනිගත්හේන නාය යයි

ගිනිගත්හේන නගරයේ වෙළදසැල් පෙලක් ගිලා බැසීමට ලක්වු බවත් එක් පුද්ගලයෙක් මියගොස් ඇති බවත් ගිනිගත්හේන පොලිසිය පවසයි.

ප්‍රදේශයට ඊයේ (18) අළුයම සිට ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් ගිනිගත්හේන නගර මධ්‍යයේ පිහිටි නාවලපිටිය මාර්ගයේ කඩ සාප්පු 10 ක් අද (19)අළුයම 3.00 ට පමණ නාය යාමකට ලක්වී තිබේ.

ඒ අතර එලවළු අලෙවි කරන වෙලදසැල් කිහිපයක්, අවහන්හල් දෙකක්, සැලුනයක් සහ විසිතුරු භාණ්ඩ අලෙවි කරන වෙලඳසැලක් තිබු බව පොලිසිය සඳහන් කළේය.

කඳුකරයට නොනැවති තව දුරටත් වර්ෂාව ඇද හැලෙමින් පවතින අතර බොහෝ ප්‍රදේශවලට විදුලි බලයද විසන්ධි වී තිබේ.


චමත් කාවින්ද
ජනයුගය – හැටන් වාර්තාකරු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button