විද්‍යාව

face app එක නිසා ඔබගේ දුරකතනයේ තොරතුරු අනතුරේ

Face app කිව්ව ගමන් කවුරුත් දන්නවා මේ දවස් වල Viral එකක් වගේ පැතිර යනවා. ඉතින් කෙටියෙන්ම කියනව නම් අපි අපෙ වයසක පෙනුමකට මුලු Image Gallery එකේම permission ලබාදීමක් කරනවා මෙම app එකට.

ඉතින් මෙහි බලපෑම කොහොම වෙයිද කියලා නම් තවමත් හරියටම කියන්න බැහැ. නමුත් මෙ බලපෑම ගැන දැන් දැන් බොහෝ වෙබ් අඩවි වල කතා බහට ලක් වෙනවා. ඉතින් ඒ ගැන දැනුවත් කිරීමක් මේ සිදු කරන්නේ.

Forbes Site එකට අනුව ඔවුන් පැහැදිලි කරනවා මේ App Developer Team එක දැනටමත් සම්බන්ධ කරගෙන තිබෙනව බවත් Face app සමාජ ජාලා තුල Viral වීම හරහා භාවිත කරන අයගේ සියලුම ජායාරුප ඔවුන්ට ලබාගත හැකි බව.

උදාහරණයක් වීදිහට අපි App එකෙන් Photo එකක් Select කරන්න කලින්ම එයාලා Gallery එකේ permission අරන් View කරලම දෙනවා අපිට Photos Select කර ගන්න ඉතින් ඇත්තටම මේක Risk එකක්. මොකද එයාලට මුලු Gallery එකේම access තියෙනවා ඕනම වෙලාවක අපේ Photos ලබා ගැනීමට.

මේ පිලිබඳ ගැටළු ආරම්භ වී ඇත්තේ මෙම ඇප් එක නිර්මාණය කල පුද්ගලයෙක් තබන ට්විටර් පණිවිඩයක් හරහායි. එහි සඳහන් වන්නේ,

“මෙම ඇප් එක නිර්මාණය කල පිරිස් පෞද්ගලික හේතුන් මත පරිශීලකයන්ගේ ජායාරුප කොපමණ වේලාවක් රඳවාගෙන තියාගන්නවද යන්න සටහන් කිරීමට අපොහොසත් වෙලා තියෙනවා. ඒ වගේම ජංගම දුරකතනයේ ජයාරූප වලට භාවිතා කරන්නාගේ අනුදැනුමකින් තොරව පිවිසීමේ හැකියාව තිබෙනවා.”

මේ අනුව තවදුරටත් මෙවැනි යෙදුමක් Face app භාවිතා කිරීම ඔබෙත් මගෙත් පෞද්ගලිකත්වයට හානියක් බවට පත්වෙලා තිබෙනවා.

මේකට පිළිතුරු දෙකක් තියෙනවා,

1. නාකි උනා ඇති කියලා app එක අයින් කරලා දාන්නත් පුළුවන්

2. එහෙමත් නැත්තන් දුරකතනයේ Settings > Permission ගිහින් face app එකේ Gallery Permission ඉවත් කරන්න පුළුවන්

කොහොම නමුත් අපේ ආරක්ෂාව අපිම බලාගන්න එක වටිනවා. ඒ නිසා තවත් කෙනෙක්ට මේ ගැන දැනුවත් වෙන්න අනිවාරෙන් share කරන්න.


ශාෂිංක විදුසර


ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් FaceApp හි ගැටලුව සම්බන්ධයෙන් දැනුවත් කිරීමට නිකුත් කර ඇති ලිපිය

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button