විදේශීය

ඩයනා කුමරිය යලි උපදී

තමන් පෙර ආත්මයේ ඩයනා කුමරිය බව පවසන අපූරු දරුවෙක් ගැන විදෙස් පුවත් වාර්තා කරනවා. මේ දරුවා බිලී කැම්බල් නමැති 4 හැවිරිදි ඕස්ට්‍රේලියානු පිරිමි දරුවෙක්. ඔහු අවුරුදු 2 තරම් කුඩා වයසේ පටන් තමන් ඩයනා කුමරිය බව පැවසූ බව 45 හැවිරිදි දරුවාගේ පියා පවසනවා.

වැඩි දුරටත් කරුණු සඳහන් කරන ඔහු පවසන්නේ ඩයනා කුමරියගේ ජීවිතයට සම්බන්ධ වැඩි දෙනෙක් නොදත් බො​හෝ කරුණු තම දරුවා විසින් පවසන බවයි. “දවසක් සයිරන් හඬ ඇසුණා, ඉන් පස්සේ තව දුරටත් මම කුමරියක් වුණේ නෑ” යනුවෙන් ඔහු ඩයනා කුමරියගේ මරණය ගැනත් ​පවසා තිබෙනවා.

මේ දරුවා තව දුරටත් ඩයනාගේ අතීත කතා හෙලි කරාවිද? නැත්නම් මෙය හුදෙක් රැවටීමක්ද යන්න කාලය විසින් වි​සඳනු ඇති.

බිලී ළදරු අවධියේදී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button