දේශීය

උප්පැන්නවල නම් බලෙන් මාරු කරන රාජිතගෙයි සිරිසේනගෙයි වියරුව

2010 – 2011 වකවානුව තුළ ගොඩනැගු ලංකාවේ සුන්දරතම රෝහල ලෙස නම් කරන ලද නුවරඑළියේ මහ රෝහල 2015 දී වරක් විවෘත කරන ලදී, එහෙත් එළඹෙන 15 වෙනිදා යළි විවෘත කරීම ගැන නුවරඑළියේ වගේම මධ්‍යම පළාතේ මිනිස්සු ටිකක් හෙල්ලිලා ඉන්නේ හේතුව ඒ නිසා නන්නත්තාර වෙන්නේ ඒ අසරණ ලෙඩ්ඩු නිසා.

රටේ මහ පොළොවෙන් උපන් ජනාධිපතිතුමා සහ හැකර සෞඛ්‍ය අමාත්‍යවරයා මේ අර අදින්නේ ජනතාව ගොනාට අන්දවා ඔවුන්ගේ සුපුරුදු දේශපාලන නාටකය රඟ දැක්වීමට බව ඔබ සියලු දෙනා දැනගත යුතුය. මේවන විටත් අලුත ඉදිකරන ලද රෝහල විවෘත කර ඇති අතර, බාහිර රෝගි අංශය, සියලු සායන කටයුතු, ප්‍රාථමික රෝගී අංශය හා වාට්ටු පවා රෝගීන් වෙනුවෙන් වෛද්‍ය කටයුතු සිදුකරමින් පවතී. මෙවන් තත්වයක් තුල මෙම මස 15 වෙනි දින යලි මෙය ජනාධිපතිවරයා අතින් ජනතා අයිතියට පත් කිරීම තුලින් බංකොලොත් දේශපාලනය බලාපොරොත්තු වන්නේ කුමක්ද? ඔවුන්ගේ මුදල් නාස්ති කරමින් සතියක් එක දිගට හෝ ආශාව සංසිදෙන තුරු ඒ විකෘති ආතල් එකෙන් රෝහල විවෘත කළාට අපට කම් නැත, එහෙත් සෝචනීය කාරණාව වන්නේ ඒ අපේ මුදල්ය, නව රෝහලේ දැනට සිටින සියලුම රෝගීන් 14 වන දින යලි පරණ රෝහලට මාරු කරන අතර, බාහිර රෝගි අංශය, සායනය මෙන්ම ප්‍රාථමික රෝගී අංශද 14 වන දින යලි පරණ රෝහලට මාරු කිරීම සඳහා දැනටමත් අවශ්‍යය විධි විධාන රෝහල් පරිපාලනයට ඉහලින් දැනුම් දී තිබේ. ඒ සඳහා විශාල මුදලක් මෙන්ම කාලය අපතේ යෑම සිතා බැලිය යුතුය, ජිවිතය සහ මරණය අතර දිවි ගෙවන අසරණ රෝගීන්ගේ ජීවිත ගැන පවා තඹයකට මායිම් නොකර හුදෙක් බල ලෝභීත්වය වෙනුවෙන් මෙලෙස පාලකයින් ක්‍රියා කරන්නේ මේ රට තමන්ගේ පුද්ගලික දේපලක් නිසා දැයි විපරම් කිරීමට වටී….

මේවන විට රෝහලේ සාමාන්‍ය පරිදි කටයුතු සිදුවන අයුරු

විවෘත කරපු රෝහළක් නැවත විවෘත කරන්න තරම් මේ ආණ්ඩුව ලෙඩ වෙයි කියලා හිතුවේ නෑ. නෙදර්ලන්තයේ ආධාර මත ඉදිකෙරුණු, අහිංසක ජනතාව ගෙවන බදු මුදලෙන් නඩත්තු වන රෝහලක් විවෘත කරන්න, තමන්ගේ නම නාමපලකෙයේ කොටාගන්න තරම් පෙරේත වු මේ කාළකන්නි දේශපාලුවන් තම සල්ලි වලින් මෙම රෝහල ඉදිකළානම් හරි නඩත්තු කරනවානම් හරි, මේ වගේ නරි නාටක රඟදැක්වූවාට කමක් නැත….

හොස්පිට්ල් එකෙන් සිරිසේන හෝ මහින්ද හෝ රාජිත හෝ රනිල් ආතල් ගත්තාට නම් කමක් නැත, එත් ඒ අසරණ මිනිසුන් ගැන මීට වඩා සිතිය යුතුය….!

2019 – 07 – 14 සහ 15 දෙදින තුළ නව රෝහලේ වැඩකටයුතු සිදුවන්නේ නැති බව නොකියා, පැරණි රෝහලට යන ලෙස මිනිසුන් දැනුවත් කර ඇති ද්වී භාෂික දැන්වීම.


අයාල්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button