දේශීය

කරවිට වැව වටේ යෝධ ගස් කපන්න දේශපාලනයෙන් සැලසුම්

සරලව ම කිවහොත් වැවක් යනු ජල ගබඩාවකි.

ජල කළමනාකරණයකින් යුක්තව පරිහරණය කරනු පිණිස ද, නියං කාලවල දී පීඩාවට පත් නොවී සිටිනු පිණිස ද, කෘෂි කටයුතු හා වෙනත් දෛනික අවශ්‍යතා සපුරාගනු පිණිස ද විවිධ තාක්ෂණිකාංග සහිතව ඉදිකළ සුවිශේෂ වාරි නිර්මාණයකි.

01. “කට්ටකාඩුව” ආශ්‍රිත වනගොමුව

වැවක වැව් බැම්මේ පාදමෙහි පළල මෙන් දෙගුණයක් පළලට, වෑකන්දේ පිට බෑවුමට යාබදව, බොහෝ විට වෑකන්දේ දිග ප්‍රමාණයටම සමාන දුරකට දිවෙන පටු බිම් තීරුව හඳුන්වනු ලබන්නේ “කට්ටකාඩුවයි”

• ලුණුවරන, තිඹිරි, මී, කුඹුක්, අට්ටික්කා, වල් බෙලි වැනි ගස්, වැටකෙයියා ශාක සහ කුඩා පැලෑටි සහිතව රසායනික බැර ලෝහ ආදිය උරා ගනිමින් වැවෙන මෙය “ගස් ගොම්මනක් ලෙස හදුන්වයි.

• කට්ටකාඩුව වැවේ පවිත්‍රාගාරයයි. වැසි කාලයේ රැස් කර තබා ඇති ජල සංචිතයෙහි ඇති බැර ලෝහ මෙන්ම කිවුල ආදියෙන් වතුර බේරා පවිත්‍ර කොට කුඹුරු සදහා ලබා දීම ඒ හරහා සිදුවේ

02.වැව් ඉහත්තාවේ/ වැව ඉස්මත්තේ ඇති ‘ප්‍රධාන ගස් ගොම්මන

බොහෝවිට වැවේ ජල පෝෂකයක් ලෙස ක්‍රියාත්මක වීම, සුළං නිසා ජලය වාෂ්පීකරණය අවම කිරීම ඇතුලු කාර්‍ය්‍යභාරයන් රැසකි.

03. වැව් බැම්ම දෙපස රෝපණය කල වනවැස්ම

• වසර දහස් ගනනකට පෙර සිටවූ ගස්වැල් වල පුරුක් ලෙස නිර්මාණය වූ වන ගොමුවල, එකිනෙක බැදී පවතින මූලපද්ධතිය හරහා වැව් බැම්ම ශක්තිමත් කර තිබේ.

• වනගොමු ලෙස එකිනෙක සම්බන්ධ වූ මූළපද්ධතිය වැවේ ජලය පිටතට ගමන් කිරීම කාන්දුවීමට ස්වභාවික බාධකයක් නිර්මාණය කිරීම

ඉතත කී පරිසර පද්ධතිය හරහා ගංවතුර තත්වයකදී අතිරික්ත ජලය උරාගැනීමක් හා වියළි කාලයේදී සංචිත ජලය මුදාහැරීමක් ද ස්වභාවිකව සිදුවේ.

එමෙන්ම ගස් ගොම්මන ද සුළං ආවරණයක් සේ සෑදී වැවෙහි මතුපිට වතුරේ ඇතිවන වාෂ්පීකරණය අවමකිරීමක් සිදු කරයි.

මෙකී, නොකී සියළු කාරණා නිසා වැව, ජල සංචිත සහ ගස්වැල් අතීතයේ සිට එකිනෙක බැදී තිබූ කාරණා වේ. ඒ නිසා අතීත වාරි නිර්මාණකරුවා ශාක වැස්ම හැකි පමණින් ආරක්ශා කරමින්ම, වැවක නිර්මාණය සහ අදාල ප්‍රතිසංස්කරණ සිදු කලා.

නමුත් අද වනවිට වාරි ඉජිනේරු මහතුන් සහ ප්‍රාදේශීය දේශපාලකයන් සියල්ල නොසලකා හැර ප්‍රතිසංස්කරණය මුවාවෙන් වැව ආශ්‍රිත වනගොමු විනාස කරමින් යන ක්‍රියාවලියක් අපට හදුනාගන්නට හැකි වුනා.

එහි සංවේදී ම අවස්ථාවක් ලෙස,

කරවිට වැව ආශ්‍රිතව නම් කල 275ට වැඩි පුරාණ ගස් ඉවත් කිරීමට පුත්තලම වාරිමාර්ග අධ්‍යෂක කාර්යාලය පිඹුරු පත් සකස් කර හමාරයි.

එනිසා අප ක්‍රියාත්මක විය යුතු කාලය පැමිණ ඇත.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button