විද්‍යාව

ආණ්ඩුවලට ඕන විදියට දැන් facebook වැඩ

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ ආණ්ඩුවට එරෙහිව මත පළ කරන ෆේස්බුක් ගිණුම් වසා දැමීමේ සහ තාවකාලිකව අවහිර කිරීමේ තත්වයක් ශ්‍රී ලංකාව තුළ පසුගිය මාස කිහිපයක්ම පුරා දක්නට ලැබිණි.

මේ පිළිබඳව අප කළ සොයා බැලීමකදී හෙළිවූයේ ශ්‍රී ලංකාවෙන් පමණක් නොව විවිධ රටවලින් දිගින් දිගටම පැමිණි බලපෑම් හමුවේ ඒ ඒ රටවල් තුළ ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය නියාමනය විය යුතු ආකාරය තීරණය කිරීම ෆේස්බුක් සමාගම විසින් ඒ ඒ රටවල ආණ්ඩුවලටම පවරා ඇති බවයි.

එනම්, ඒ ඒ රටවල රජයේ නියෝජිතයින් විසින් නුසුදුසු බව තීරණය කරන ඕනෑම ගිණුමක් හෝ පිටුවක් ඉවත් කිරීමට ෆේස්බුක් සමාගම එකඟ වී තිබේ.

යම්කිසි රටක පවතින ව්‍යවස්ථාපිත නීතීන්ට අනුව ක්‍රියාත්මක වීම යනු එක් දෙයක් වන අතර ආණ්ඩුවකට අවශ්‍ය ලෙස ක්‍රියාත්මක වීම යනු වෙනම දෙයකි. ඒ අනුව ෆේස්බුක් සමාගම සිය පරිශීලකයින්ව ඒ ඒ රටවල ආණ්ඩුවලට පාවා දී ඇති බව පෙනේ.

මේ වනවිට ශ්‍රී ලංකාව තුළ ෆේස්බුක් නියාමනය කෙරෙන්නේ ජනාධිපති මාධ්‍ය ඒකකයෙහි සේවය කරන පුද්ගලයින් කිහිප දෙනෙකු විසින් බවටත් දේශපාලන වුවමනාවන් මත ඔවුන් විසින් ෆේස්බුක් ගිණුම් සහ පිටු වසා දැමීමට කටයුතු කරමින් සිටින බවටත් චෝදනා එල්ල වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button