දේශීය

“කැලණි විහාරය ළඟ බස් නැවතුමේ වරායක්” – ඉන්න හිතෙන රටකට

මේ කැලණිය රජ මහා විහාරය අසල ඇති කැලණිය ප්‍රධාන බස් නැවතුම්පොලයි. වැසි දිනවලදී මෙහි ඇති වලවල් ජලයෙන් පිරී ඉතිරී යන අතර, බස් වලට නඟින මගීන්ට වතුර වලවල් වල බැසගෙන බසයට නැගීමට සිදුවී තිබෙනවා.

මෙසේ වසර කිහිපයක් තිස්සේ මේ තත්ත්වය ඇතිවී තිබුනත් මේ පිළිබඳව කිසිවෙකුගේ අවදානය යොමු වී නැතිබව පෙනෙන්නේ වැසි කාලයේදීය.

බොහෝ මගීන් ගැවසෙන ස්ථානයක් වන කැලණිය රජ මහා විහාරය අසලත් මෙවැනි තත්ත්වයක් ඇතිවීම කනගාටුදායක කරුණකි. මේ පිළිබඳව දැන්වත් අදාල බලධාරීන්ගේ අවදානය යොමුවනු ඇතැයි බලාපොරොත්තු වන්නෙමු.

ශ්‍රී ලංකාවේ පවතින කම්මැලි, කාලකණ්නි පොදු ප්‍රවාහන සේවය අතරේ (විශේෂයෙන්ම බස් සේවාව), මෙවැනි තත්ත්වයන්ද ඇතිවූ විට සාමාන්‍ය මගී ජනතාවට පොදු ප්‍රවාහන සේවය තව තවත් එපාවීමක් මිස කැමැත්තක් ඇතිවන්නේ නැත. උදාහරණයක් ලෙස කැලණිය බස් නැවතුමෙන් ආරම්භ වන ප්‍රධාන බස් මාර්ග දෙකවන 135 සහ 150 බස් මිනිසුන්ගේ කාලය කා දමමින් ඉබි ගමනින් යන බස් සේවාය. අමානුෂීය ලෙස මිනිසුන්ට බැන වදින කොන්දොස්තර රියදුරුවරුද බොහෝ ය. මෙය කැලණියට පමණක් නොව ශ්‍රී ලංකාව පුරාම පවතින තත්ත්වයක් බව සියල්ලෝම දනිති. නමුත් මගීන් මේ පිළිබඳව දැන් කතා නොකරන්නේ, මේවාට එරෙහි නොවන්නේ කතා කර වැඩක් නැති තත්ත්වයට දැන් පත්වී තිබෙන නිසාය.

ඉන්න හිතෙන රටක් කෙසේ වෙතත්, මෙවැනි තවත් බොහෝ දේ දකිද්දී යන්න හිතෙන තැනකට තත්ත්වයක් උදා නොකරන ලෙස පුරවැසියන් ලෙස අප බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button