දේශීය

මුහුද යටදී කොරල්පර නැවත වගා කරයි

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා‍ ගේ උපදෙස් මත මෙය ක්‍රියාත්මක කරයි. කන්කසන්තුරෙයි වෙරළ තීරයේදී මෙම ව්‍යාපෘතිය පසුගියදා(04) ආරම්භ කර ඇත.

වර්ථමානය වන විට විවිධ හේතූන් නිසා විනාශ වෙමින් පවතින කොරල්පර ආරක්ෂා කර ගැනීම මෙහි මූලික අරමුණයි. ඒ අනුව නාවික හමුදා දැනුම සහ තාක්ෂණය උපයෝගී කර ගනිමින් පාෂාණ කොටස් 11ක් මත කොරල් වගා කිරීම එහිදී සිදු කරයි.

කොරල් ආශ්‍රිතව වැඩෙන විලෝපික ශාක ඉවත් කිරීම සහ රළු මුහුදු තත්ත්වය යටතේ සිදු විය හැකි හානි මැඩපැවැත්වීමට ද නාවික හමුදාව කටයුතු කරනු ලබයි. එමෙන්ම දිවයිනේ වෙරළ ප්‍රදේශ රැසක මේවන විට නාවික හමුදාව කොරල් පර නැවත වගා කිරීමේ ව්‍යාපෘතින් ක්‍රියාත්මක කර ඇති අතර, එය නාවික හමුදාවේ නීල හරිත පාරිසරික සංකල්පය යටතේ සිදුවන පරිසර හිතකාමි ව්‍යාපෘතියකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button