දේශපාලන

උතුරු නැගෙනහිරට ස්වයං පාලනයක් ඉල්ලයි

උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කරමින් ස්වයං පාලන ව්‍යුහයකින් දේශපාන විසඳීමක් ලබා දීම ඇතුළු ඉල්ලීම් 11කින් සමන්විත යෝජනාවලියක් රජයට ඉදිරිපත් කිරීමට ඉලංගෙයි තමිල් අරුසුකච්චි පක්ෂය තීරණය කර තිබේ.

එම පක්ෂයේ 16 වන මහා සභා රැස්වීම ඊයේ(30) යාපනය දී පක්ෂ සභාපති මාවෙයි සේනාධිරාජා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර එහිදී මෙම තීරණය ගෙන ඇති බව සඳහන්ය.

ඒ අනුව මෙහිදී උතුරු නැගෙනහිර අතුරුදන් වුවන්ගේ ගැටළුව, උතුරේ සිවිල් ජනතාවගේ ඉඩම්වලින් ආරක්ෂක අංශ ඉවත් කිරීම, ජනතාවගේ ඉඩමස් අයිතින් තහවුරු කිරීම සහ හින්දු ජනතාව ජීවත් වන ප්‍රදේශවල බෞද්ධිගාමික ස්ථාන ඉදිකිරිම නැවැත්වීම ඇතුළු ප්‍රධාන යෝජනා 11ක් රජයට ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ.

මෙම ඉල්ලීම් වලට රජය විසින් මාස 03 ඇතුළත විසඳුම් ලබා දිය යුතු බවට ද යෝජනා වි ඇති බව වෙයි.

කෙසේවෙතත් අදාළ ඉල්ලීම් මාලාවට සහය ලබාදෙන ඕනෑම පාර්ශවයක් සඳහා ඉදිරි මැතිවරණවලදී සහය ලබා දීමටද තීරණය කර තිබේ.

එමෙන්ම මෙහිදී 19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම පිළිබඳ ජනාධිපතිවරයා ඇතුළු කණ්ඩායම ගෙන යන වැඩපිළිවෙල නවතා දැමිය යුතු බවටත් එම සමුළුවේදී එකඟතාවකට පැමිණ ඇති බව සඳහන්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button