දේශීය

මාවුස්සාකැලේ ජලාශය සුද්ධ පවිත්‍ර කරයි

මත් ද්‍රව්‍ය විරෝධි ජාතික වැඩසටහනට සමගාමීව මස්කෙළිය, මාවුස්සාකැලේ ජලාශයේ ගොඩගැසී ඇති දිරා නොයන ඝණ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ ශ්‍රමදානයක් ඊයේ (30) පෙරවරුවේ පැවැත්විණි.

මස්කෙළිය පොලිස්ථානාධිපති, පොලිස් පරීක්ෂක ටිරෝන් රත්නායක මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක ආනන්ද ප්‍රේමසිරි මහතාගේ මූලිකත්වයෙන් මෙම ශ්‍රමදානය සංවිධානය කර තිබුණි.

මෙහිදී එක් රැස් කරන ලද දිරා නොයන ඝණ අප ද්‍රව්‍ය තොගය මස්කෙළිය ප්‍රාදේශිය සභාවේ සෞඛ්‍ය අංශය වෙත බාර දෙන ලදී.

මස්කෙළිය පොලිස්ථානාධිපති ටිරෝන් රත්නායක, උප පොලිස් පරීක්ෂක ආනන්ද ප්‍රේමසිරි, මස්කෙළිය ප්‍රාදේශිය සභාවේ සභාපති ගෝවින්දන් සෙම්බගවල්ලි, එම ප්‍රාදේශිය සභාවේ ලේකම් ආර්. රාජවීරන් යන මහත්ම මහත්මීන් හා මස්කෙළිය ප්‍රාදේශිය සභාවේ මහජන නියෝජිතයින්, මාවුස්සාකැලේ ජලාශයේ ආරක්ෂාවට සිටින නාවුක හමුදා නිලධාරින්, මස්කෙළිය පොලිස් වසමට අයත් බ්‍රවුන්ලෝ හා බ්‍රන්ස්වික් යන තේ වතුවල ප්‍රජා පොලිස් සාමාජිකයින්, මස්කෙළිය ප්‍රාදේශිය සභාවේ සෞඛ්‍ය අංශයේ සේවකයින් මෙම ශ්‍රමදානය සඳහා සහභාගී වූහ.


චමත් කාවින්ද
ජනයුගය – හැටන් වාර්තාකරු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button