දේශීය

මන්ත්‍රී රතන හිමිට එරෙහිව විමර්ශන

කුරුණෑගල රෝහලේ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍ය නිලධාරී මොහොමඩ් ශාෆි දේශිය හෝ විදේශීය කිසිදු ත්‍රස්තවාදී සංවිධානයක් සමඟ සම්බන්ධතා පවත්වා නැති බවත්, එවැනි සංවිධානවලින් මුදල් ලබා ගෙන නොමැති බවත් ශ්‍රී ලංකාවේ සියළුම රාජ්‍ය බුද්ධි අංශ විසින් සහතික කර තිබේ.

රැඳවුම් නියෝග යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) භාරයේ රඳවාගෙන සිටින වෛද්‍ය සෙයිගු ෂිහාබ්දීන් මොහොමඩ් ශාෆි සම්බන්ධයෙන් මෙතෙක් සිදු කෙරුනු විමර්ශන වල වාර්තාවක් කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පසුගිය 27 දින ඉදිරිපත් කරමින්, සහකාර පොලිස් අධිකාරී බී එස් තිසේරා විවෘත අධිකරණය හමුවේ පවසා තිබෙන්නේ තම දෙපාර්තමේන්තුව විසින් බුද්ධි අංශ වෙතින් කැඳවන ලද සියළුම වාර්තාවලට අනුව, වෛද්‍ය ශාෆි ‘කිසිදු ත්‍රස්ත ක්‍රියාවකට සම්බන්ධවි නොමැති බවට’ ඉතා පැහැදිලිව සඳහන් කොට තිබෙන බවය.

එවැනි තත්ත්වයක් තුළ ව්‍යාජ තොරතුරු ලබා දී රට තුළ ව්‍යාකූල තත්ත්වයක් ඇති කිරීම සම්බන්ධයෙන් දිවයින පුවත්පතට සහ ප්‍රවෘත්තිය වාර්තා කළ හේමන්ත රන්දුණුට එරෙහිවත් ඊට අනුබල සැපයීමේ චෝදනාව යටතේ වයඹ පලාත භාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්ට එරෙහිවත්, වෛද්‍ය සෙයිගු ෂිහාබ්දීන් මොහොමඩ් ශාෆිට එරෙහිව ජාතිවාදි සහ ආගම්වාදිව ප්‍රසිද්ධියේ ප්‍රකාශ නිකුත් කරමින් ජාතීන් අතර අසමගිය ඇතිවන ආකාරයේ ව්‍යාජ මත පතුරුවා හැරිමේ චෝදනා මත අතුරලියේ රතන භික්ෂුවට එරෙහිවත් පරික්ෂණ ඇරඹීමට ඉහළ පෙලේ පොලිස් නිලධාරින්ගේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button