විදේශීය

Huawei ප්‍රශ්නය ඉවරයි….

G20 සමුළුවේදී චීන ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පවසා ඇත්තේ Huawei සමාගමට ඇමරිකානු තාක්ෂණය මිළදී ගැනීමට සුපුරුදු පරිදි ඉඩ ලබාදෙන බවයි. ජපානයේදී මාධ්‍ය අමතමින් මේ බව ඔහු ප්‍රකාශ කර ඇත.

ඒ අනුව ලොව විශාලතම සන්නිවේදන උපාංග නිෂ්පාදකයා වන Huawei සමාගමට ඉදිරියේදී නැවතත් ගූගල් ඇතුලු ඇමරිකානු සමාගම්වල නිෂ්පාදන ලබාගැනීමේ හැකියාව ලැබේ.

පසුගිය මැයි මාසයේදී ඇමරිකාවේ වානි‍ජ්‍ය දෙපාර්තමේන්තුව විසින් Huawei සමාගම සඳහා පැනවූ වෙළඳ සම්බාධක මේ අනුව ඉවත් වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button