දේශීය

“දැන් හිටියා ඇති ගෙදර යන්න”

“දැනට දේශපාලනය කරන සියලු දෙනා ඉල්ලා අස් වී අලුත් පිරිසකට රට භාරදිය යුතු” යැයි මැල්කම් කාදිනල් රංජිත් කොලඹ අගරදගුරුතුමා සඳහන් කලහ​. අගරදගුරුතුමන් මේ බව පැවසුවේ ඉතාලියේ මිලානෝ නුවරදීය​. එහිදී අගරදගුරුතුමන් මෙසේ අදහස් පළ කළා.

“ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ජයග්‍රහනය කිරිම සඳහා සියලු පාර්ශව පාස්කු ඉරිදා සිදුවූ ප්‍රහාරය ප්‍රයෝජනයට ගැනීමට උත්සාහ කරන බවද අගරදගුරුතුමා වැඩිදුරටත් පැවසීය​. මේ දක්වා රට පාලනය කල බොහෝ දේශපාලඥයන් තමන් අසමතුන් බව ඔප්පු කර ඇතැයිද කාදිනල්තුමා පැවසූහ​.

ඉතිහාසය පුරාම අපේ දේශපාලන නායකයන් මොනවද​ කලේ….? පිල් බෙදිලා රට විනාශ කිරීම තමයි කලේ දැන් ඔය දේශපාලනය කරන සියලු දෙනා ඉල්ලා අස් විය යුතුයි…. අලුත් පිරිසකට රට භාර දිය යුතුයි…. තණ්හාව බලලෝභය කුලල් ගැනීම වරද පැටවීම මම නෙවෙයි එයයි, ඕක කලේ එයා නෙවෙයි, අරයයි කලේ ආදී වශයෙන් කියමින් ඔය විදියට මේ රට දියුණු කරන්න බැහැ…. අපි ශ්‍රී ලාංකිකයන් හැටියට මේ දේවල් ගැන කල්පනා කර බැලිය යුතුයි.

ඡන්දයක් ළඟ එනවලු. ඒ නිසා දැන් හැමෝම මේක ඡන්දය දිනන්න හදනවා. මේ බෝම්බ පිපිරීමේ සිද්ධියේ සත්‍යතාවය අපි තාම දන්නේ නැහැ. එහෙත් කවුද මේක පිටිපස්සේ හිටියේ. අනුබල දුන්නේ කවුද මේ වැඩපිලිවෙල හංඟන්න හදන්නේ ඇයි, එහෙම කරන්නේ කියලා ජනතාව දන්නවා”

යැයිද අගරදගුරුතුමන් පැවසූහ​.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button