දේශීය

ISIS යයි හංවඩු ගැසූ රත්නපුර තරුණයන් තිදෙනාට ඇප ලැබුණු හැටි

රත්නපුරට පහර දෙන්නට උත්සාහ කිරීම ගැන හිමිනමක් ඇතුළු පිරිසක් ලබා දුන් තොරතුරු අනුව පොලිසියෙන් අත්අඩංගුවට ගත් අනුෂ්ක දිල්හාර ඇතුළු රත්නපුර තරුණයන් තුන්දෙනාට අද (26) ඇප ලැබුණා.

‍මේ තරුණයන්ගේ නඩුව පෙරේදා (24) තිබුණු වෙලේ ඔවුන් නැවත වරක් දින 14කට රිමාන්ඩ් කළා. එම නීති විරෝධී අත්අඩංගුවට ගැනීම ගැන මුහුණු පොතේ තිබුණු සටහන් සහ මාධ්‍යයේ ගිය තොරතුරු දැකපු රත්නපුර කොට්ඨාස භාර පොලිස් අධිකාරී ලෙස අලුතින් පත්වූ මාසිංහ මහතා විමර්ශන ගොනු ගෙන්වාගෙන පරීක්ෂා කරලා තියෙනවා.

එහෙම පරීක්ෂා කරද්දී පෙනී ගිහින් තියෙන්නේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ කටයුතු කරන්න සාක්කි නෑ කියලා. ඔවුන්ට එම පනත යටතේ චෝනා ගොනු කරලා තියෙන්නේ ඒ වෙලාවේ හිමිනමක් කරපු වැඩක් නිසා පමණයි. නැතුව සැකකටයුතු කිසිම යෙදක් හමු වෙලා නැහැ.

ඒ අනුව පොලිස් අධිකාරී මාසිංහ මහතා පොලිසියට කියලා තියෙනවා මෙහෙම සාක්කි නැතුව මිනිස්සු තියං හිටියොත් මූලික අයිතිවාසිකම් පෙත්සමක් වුණත් වැටෙන්න පුලුවන් බව. ඒ නිසා නීතියට අනුව කටයුතු කරන්න කියලා උපදෙස් දීලා තියෙනවා.

ඔහුගේ උපදෙස් අනුව යමින් රත්නපුර පොලිසිය අද අධිකරණයට සත්‍ය තත්ත්වය ඒ කියන්නේ මේ අය ගැන ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ කටයුතු කරන්න සාක්කි නැති බව මෝෂන් එකක් මාර්ගයෙන් නඩුව කැඳවා අධිකරණයට දැනුම් දුන්නා. නිකරුණේ එක පැයක්වත් චෝදනාවක් නැති පුද්ගලයෙක් රිමාන්ඩ් කර තැබීමේ බරපතලකම පොලිස් අධිකාරීවරයා කියා දීලා තිබුණා. ඒ අනුව අද මේ තුන් දෙනාට ඇප ලැබුණා.

ඇප ලැබුණා කියලා හරි යන්නේ නෑ. ඔවුන් නීති විරෝධීව අත්අඩංගුවට ගත්තු සහ මේක පාදක කරගෙන මහජන කැළඹීමක් ඇති කරන්න උත්සාහ කරපු හිමිනමටත් නීතිය ක්‍රියාත්මක කළ යුතුයි.


තරිඳු ඉරංග

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button