දේශපාලන

“එක්කෝ මේ නායකයෝ හදනවා…. නැත්තම් එළවනවා….”

ත්‍රස්තවාදයට සහ අන්තවාදයට මුහුණ දීම සඳහා ජාතික නායකත්වයක් අනුව කටයුතු කළ යුතු ගලගොඩඅත්තේ ඥානසාර හිමි පවසයි.

ඒහිමියෝ පෙන්වා දෙන්නේ ජාතියක් වශයෙන් තීරණය ගැනීම සඳහා ඉදිරියේදී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවයි.

කොළඹ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එහිමියෝ මේ බව ප්‍රකාශ කළේය.

ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා අවශ්‍ය ජාතික න්‍යාය පත්‍රයක් උදෙසා අනිවාර්යයෙන්ම අධිෂ්ඨානශීලිව වැඩ කටයුතු කරන බවත් ඒ වෙනුවෙන් ගොඩනැගිය හැකි පුළුල් ජාතික බලවේගය නිර්මාණය කරන බවත් එහිමියෝ පැවසීය.

ජුලි මස 7 දින සිට ඒ සඳහා අවශ්‍ය වැඩසටහන මහනුවරින් ආරම්භ කරන බවත් ඒ සඳහා හාමුදුරුවරු දස දහසක් පමණ එකතුවන බවත් ඥානසාර හිමි පැවසීය.

56න් පසු බිහිවන පුළුල් ජාතිකවාදී වැඩපිළිවෙල නැවත ගෙන එන බවත් අවුරුදු 70ක් රට ආපස්සට ගෙන ගිය පාලකයන්ට මෙය තවදුරටත් හැසිරවීමට ඉඩ නොතබන බවත් එහිමියෝ වැඩිදුරටත් පවසා සිටියේය.

“එක්කෝ මේ නායකයෝ පුලුවන්නම් හදනවා. නැත්තම් එළවනවා…. එළවලා නායකයෙක් හදනවා” යනුවෙන් එහිමියෝ ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button