පුරවැසි කොළම

දරුවන්ගේ ළමා කාලය උදුරා ගන්න කිසිඳු ජාතියකට, ආගමකට අයිතියක් නැත….!

ළමා මහණ කිරීම නම් වූ ළමා අපචාරය දිගින් දිගටම උත්කර්ෂයට නංවන එකේ සීමාවක් තිබිය යුතු බැවින් මේ ටික ලියා යමි….

පළමුව

මහණ කිරීම කියන්නේ බ්‍රහ්මචාරීත්වය…. ඒ කියන්නේ සියලු ආකාර ලිංගික හැසිරීම්වලින් විරමණය වෙලා, වෙන්වෙලා ජීවත් වීම…. මේක සෙල්ලම් තීරණයක් නෙමෙයි…. මේක බරපතළ තීරණයක්… වයස 6, 7, 8 කිරි දරුවෙකුට, තමන්ගේ ඉදිරි මුළු ජීවිත කාලයම ලිංගික තෘප්තියෙන් වෙන්වෙලා ගතකරන්න පුළුවනි කියල තීරණයක් ගන්න හැකියාවක් තිබේයැයි කවුරු හෝ කියනවනං ඌට බාගෙට නෙමෙයි හොඳටම පිස්සු…. එහෙනම් ඉතිං මුස්ලිම් ළමා විවාහ නීතියත් සාධාරණයි…. ඇයි, ලිංගික ජීවිතයක් ගතකරන්නේ නැතෙයි කියල තීරණයක් ගන්න තරම් පරිණතභාවයක් ළමයෙකුට තියෙනවනං, ලිංගික ජීවිතයකට ඇතුළු වෙන්නත් ඒ වගේම තීරණයක් ගන්න පුළුවන් වෙන්නෙපැයි…. එහෙනම් ඌ ළමයෙක් නෙමෙයි (අර්ථ දැක්වීමෙන්ම) වැඩිහිටියෙක්! ළමයෙකුට ළමයෙක් කියන්නේ ස්වච්ඡන්දය (consent) දීමේ හැකියාව ළමයෙකුට නැති නිසා!. වයස 16ට අඩු ළමයෙක් එක්ක ළමයාගේ ‘කැමැත්තෙන්ම’ හැසිරුණත් එය සැලකෙන්නේ අපහරණයක් ලෙස; මොකද, වයස 16ට අඩු ළමයකු විසින් දෙනු ලබන ‘කැමැත්ත’, ‘කැමැත්තක්’ ලෙස පිළිනොගන්නා නිසා…. වයස 16ට අඩු ළමයකුගේ ‘අලිංගිකත්වයේ’ කැමැත්ත පිළිගන්නවා නම්, එවැනි ළමයකුගේ ‘ලිංගික’ කැමැත්තත් පිළිගත යුතුයි නෙව….

(එකාට එකා කොයිතරම් නයි වයිර වුණත්, ඉස්ලාම් අන්තවාදීන් සහ බෞද්ධ අන්තවාදීන් හෙවත් ‘බහුජ්ජයන්’ කියන්නේ එකම කාසියේ දෙපැත්ත බව මීට කලිනුත් අපි කියල ඇති. මේ ඊට තව එක සාක්කියක් පමණයි.)

දෙවනුව

දැන් ඔය මහණ කරන ළමයි පැවත එන්නේ මොන වගේ පවුල්වලින් ද…? ඔතන වෛද්‍යවරුන්ගේ ළමයි කී දෙනෙක් විතර ඉන්නවා ද…? ඉංජිනේරුවන්ගේ…? ගණකාධිකාරීන්ගේ…? නීතිඥයන්ගේ…? කෝටිපති ව්‍යාපාරිකයන්ගේ…? නෑ මහත්වරුනි නෑ…! ඔතන අඩුවශයෙන් ඉහළ මධ්‍යම පාංතික ළමයිවත් නෑ…. (සැ. යු. මෙය සියම් නිකායට අදාළ නෑ…. සියම් නිකාය ස්වකීය ඉඩම් අයිතිය පවත්වාගැනීම සඳහා රදළ පෙළන්තියේ සීමිත පවුල් කීපයකින් නොනවත්වා ළමයින් මහණ කරගන්නවා…) ඒ හැර භික්ෂු සමාජයේ ඉන්නා සාතිශය බහුතරය කහටගස්දිගිලියේ, පොතානිගමේ, අටකලම්පන්නේ, වාලච්චේනේ, මසංගස්හංදියේ, කටුකුරුන්දේ, මැදවච්චියේ, හෙන්නානිගමේ, ඌරගස්මංහංදියේ පහළ මධ්‍යම පාංතික හෝ ඊටත් අන්ත දුගී දුප්පත් ළමයි…. ඔවුන්ව මහණ කරන්නේ ඔවුන්ගෙන් අහලවත් නෙමෙයි, එක්කෝ කේන්දරේ බලලා… එහෙමත් නැත්නම් මිනිහ වකුගඩු රෝගයෙන් මැරිලා ළමය එක්ක තනිවුණු අම්ම දෙවැනි කසාදෙ කරගත්තම, පොඩි එකාව පේන්න බැරි බාප්පා බලෙන් මහණ කරලා (ඉඩම් අල්ලගන්න)…. එහෙමත් නැත්නම් කන්න බොන්න නැතිව මියැදෙනවට වඩා පන්සලෙන් රැකෙන එක හොඳයි කියල මහණ කරවලා…. ඔවුන්ව ඔබට පේන්නෙ නෑ මොකද ඔවුන් ටීවීවල, රේඩියෝවල බණ කියන්න එන්නේ නෑ…. ඔවුන්ට කවදාවත් කොළඹ හෝ වෙනත් ප්‍රධාන නගරෙක පන්සල් ලැබෙන්නේ නෑ…. ඔවුන්ට අඩුගණනේ පිරිවෙන් අධ්‍යාපනයවත් හරියට ලැබෙන්නෙ නෑ…. ඉහළ හෝ මධ්‍යම පාංතික සමාජය සමාජය ඉස්සරහට ඔවුන් එන්නේ නෑ…. එන්න දෙන්නෙත් නෑ, ආවත් එන්නේ අර හැමදාම ටීවී එකේ දකින මහා විසාල හාමුදුරු ප්‍රතිරූප පස්සෙන් කුඩා සෙවණැලි වගේ, පිරිත් කියනකොට යතියයි පිරිත් නූල් පන්දුවයි අල්ලන්න….

තුන්වනුව

පන්සලකට වෙලා මහණ වෙන දරුවා දෙස බලමු…. ඔහු මුළු ජීවිතයම ගෙවන්නේ, ඔබ අප වගේ සාමාන්‍ය මිනිසුන් වගේ නොවෙයි, ලෞකික තෘප්තියෙන් සහමුලින්ම වෙන්වෙලා…. කැමති ඇඳුමක් අඳින්න, කැමති විලාසිතාවක් කරන්න, කැමති කෑමක් කන්න, කැමති තැනක යන්න එන්න, කැමති විදියට සෙල්ලම් කරන්න, කොටින්ම ළමයෙක් විදියට ජීවිතේ විඳින්න තියෙන සුන්දරම ළමාකාලය, දැඩි විනය පද්ධතියක් තුළ ගෙවන්න ඒ දරුවට සිද්ධ වෙනවා…. හතරවරිගෙට නිවන් යන්න තියෙන පෙරේතකමට අපේ උන්දැලත් සාදු කියල පූජා කරනවා….

මොහොතක් හිතන්න! මෙතන තියෙන්නේ අමුවෙන්ම කුහකකමක් නෙමෙයි ද?. ඔබ අපි සියලුම දෙනා අපේ එදිනෙදා ජීවිතවල අටෝරාසියක් පවු පුරවගන්න අතරේ, අපිට මැරෙන දාට අරං යන්න පිං ටිකක් පුරෝගන්න තියෙන ඕනෑකමට, අපි වගේම එකෙක්ව අරං ගිහිං කූඩුකරලා, වෙනම ඇඳුමක් අන්දවල, වෙනම සීලයක් රැකපන් කියල නීති දාලා, ඒ අසරණයව නඩත්තු කරනවා. මොකට ද…! නිවන් යන්න…! පිං පුරෝගන්න…! ජීවත්වෙන දවසක් දවසක් පාසා අසූචි තලි පිටින් ඇඟේ උලාගන්නවා වගේ අපි අපේ ජීවිතවල පාපකර්ම තලි තලි උලාගන්නව…. ඒ පාපකර්ම ටික සෝදන්න අපි අපෙන්ම එකෙක්ව කූඩුකරලා, සතියට පාරක් මල්පහන් සුවඳදුම් අරගෙන ඉරිදා උදේට පන්සලට යනවා අපේ ‘පිං බැටරිය’ චාර්ජ් කරගන්න…. හරියට සත්තුවත්තට ගිහිං සතෙක් බලල ඌට කන්න දීල එනවා වගේ අපිත් ගිහිං අර සහෝදර මනුස්සයව බලල දානයක් හෙම දීල එනවා…. අඩුගාණේ සත්තුවත්තට යාම අවංකයි, මොකද අපි සතාට කන්න දෙන්නේ ආපහු දෙයක් බලාගෙන නෙමෙයි…. ඒත් පන්සලට ගිහිල්ල හාමුදුරුවන්ට දානයක් දෙන්නෙ නිකං නෙමෙයි, රිටර්න් එක වශයෙන් කල්ප ගාණක් දෙව්මිනිස් සැප ලබන්න බලාගෙන…. අපේ කුණුවෙච්ච, ඔද්දල් වෙච්ච ජීවිතවලට පිං පුරෝගන්න අපි තවත් මිනිහෙකුගේ ළමාකාලය, තරුණකාලය කියන දෙකම අමුඅමුවේ බිල්ලට දෙනවා, ඇහිපිල්ලමක් ගහන පරක්කුවට….

දුක හිතෙන්නෙ නැද්ද…!

දැන් කියන්න එපා භික්ෂුවට ඕනනම් සිවුර ගළවා එළියට බහින්න පුළුවන් නේ කියල…. ඔව්, පුළුවනි. ඊට පස්සේ ඔහුට දෙන නම්බුනාමයත් දන්නවනේ…? “හීරළුවා…!” යම් දවසක සිවුර බිමින් තියල ආවද, එදා සිට මැරෙන මොහොත දක්වා ඌ “හීරළුවා….”. දැන් ඉතිං ඊනියා සදාචාර ටෝක්ස් දෙන්න කලින් මට කියහල්ල මේක කියවන උඹලගෙන් කී දෙනෙක් නම් කැමති වෙයි ද, තමන්ගේ අක්කව, නංගිව, දරුවෙක්ව හීරළුවෙකුට දීග දෙන්න…? ඇරත් ඒ මනුස්සය සමාජෙට ඇවිල්ල මොනවා කරන්න ද…? සමාජයේ ජීවත්වෙන්න අවශ්‍ය හැකියාවන් ටික ඒ මිනිහා ගාව නෑ…. බොහෝවිට භික්ෂුන් වහන්සේලා ගාව තියෙන්නේ කලා, ශාස්ත්‍ර හෝ භාෂා උපාධි…. එතකොට කෝ රස්සාවල්? සිවුර ඇරලා කුලී වැඩ කරන ශාස්ත්‍රපති සහ පණ්ඩිත උපාධිධරයෙක් මම ජීවත්වන ගමට අල්ලපු ගමේ ඉන්නවා…. ඔහු අදටත් අවිවාහකයි මොකද ඔහුට කවුරුත් දීග දෙන්නෙ නැති නිසා…. එක අතකට ඔහු සාමාජීයව අසාර්ථකයි මොකද ඔහු දන්නේ අනුන් විසින් හොඳයි කියන, වර්ණනා කරන ජීවිතයක් ගෙවන්න සහ ඒ වෙනුවෙන් අනුන්ගෙන් වැඳුම් ලබන්න පමණක් නිසා…. බොහෝවිට සිවුරු හරින්නන්ගෙන් බහුතරය එක්කෝ ආගම මාරුකරනවා, නැත්නම් ආපහු පැවිද්දට යනවා, ඒත් නැත්නම් අපරාධකාරයෙක් වෙනවා…. (දැනුම පොතට: ලංකාවේ මෙතෙක් පාතාලයේ හිටපු දක්ෂතම වෙඩික්කරුවා හීරළුවෙක්.) ඇයි? ඒ මිනිස්සුන්ව ආපහු සමාජගත කරන්න යාන්ත්‍රණයක් අපට නෑ…. යුද්දෙන් පස්සේ සමාජයට අනුගත නොවුණු, අනාථ වුණු සොල්දාදුවන් වගේම, මේ පිරිසටත් වෙන්නේ සමාජයට අනුගත වෙන්න බැරිකමේ වේදනාව තුළ සදාකාලිකව සමාජ වෛරක්කරුවන් වෙන්න. දැන් ඔය “සිවුරු එපානම් සිවුර අරින්න පුළුවන් නේ” කියන නෝනාවරු මහත්තුරු ඒ අනාථ ජීවිතවල වගකීම ගන්නවද? බම්බුව තමයි…!

අවසාන වශයෙන්

බුදුහාමුදුරුවනුත් ළමයි මහණ කළා නේ, ඒ නිසා දැන් කළාම මොකෝ වාගේ ගොබ්බ ගොජබි තර්ක දාන එකෙක් දැක්කොත් කණ හරහට පාරක් ගහන්ඩ ඕන ආපහු ව්‍යවහාර පූර්ව වර්ෂ 700ට විසිවෙන්ඩ…. මොකද ඒ කාලේ අනාථ වෙලා අසරණ වෙච්ච සත්හැවිරිදි සුනීතලා, සෝපාකලා බාරගන්න මහපාරේ හිටියේ තිලෝගුරු සම්මා සම්බුදු සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේලා වුණාට අද එහෙම තත්ත්වයක් නෑ…. අද පන්සල්වල වැඩිපුර ඉන්නේ ගෞතමලා සාරිපුත්තලා මොග්ගල්ලානලා නොවෙයි, පොඩි පැට්ටෙක් දැක්කම අංගජාතය කෙළින්වෙන හපුයියලා…. බොරුනම් කොළඹින් ටිකක් එහාට ගිහිං පන්සලක ඇබිත්තයෙක් එක්ක පොඩි අඩියක් ගහල බලන්ඩ… සමාජේ මිනිසුන්ගෙන් වැඳුම් පිදුම් ගන්න බොහොමයක් ගණින්නාන්සේලාගේ රෙදි ඔළුවෙන් ගැළවෙන කතන්දර අහගත්තැකි…. අපිත් අහල තියෙනවා… අවශ්‍යනම් සාක්කි එක්කම නම් ගම් එක්ක ලියන්නත් හැකියාව තියෙනවා….

(එච්චර මහන්සි වෙන්න බෑ වගේනම්, “thero” නැත්නම් “himi” කියලා ෆේස්බුක් එකේ පොඩි සර්ච් එකක් දැම්මනම්, මේ ෆේස්බුක් එකේ ප්‍රොෆයිල් හදාගෙන ඉන්න උන්දැලාගේ කෙරුවාවල් ටික බලාගන්න පුළුවනි…. ඇහැට කණට පේන කෙල්ලෝ එක්ක යාළුවෙලා ඉන්න කොල්ලෝ දන්නවා ඇති මම මේ කියන කතාවේ ඇත්ත නැත්ත…. අහල බලන්ඩ සතියට ගණින්නාන්සේලා කී දෙනෙක් හායි හූයි ගාගෙන නැළවෙනව ද කියල ඉන්බොක්ස් එකේ…. ඒත් විශ්වාස නැත්නම් දකුණු ඉන්දීය නිළියකගේ ෆොටෝ දෙක තුනක් උස්සලා කෙල්ලෙක්ගෙ ෆේක් ප්‍රොෆයිල් එකක් හදාගෙන ඔයින් එක පරයෙකුට රික්වෙස්ට් එකක් යැව්වනම්, රට පිළිගත් උන්නාන්සෙලාගේ කෝටියක් සංවර සීලය රෑට රෑට රෙද්ද පල්ලෙන් දියාරු වෙලා කකුල් දෙක මුල වැක්කෙරෙන හැටිත් බලාගන්ඩ තිබුණා….!)

අවංකවම මට දැන් ඕවට කේන්ති යන්නෙ නැහැ, මට ඇතිවෙන්නෙ අනුකම්පාවක්….

ඒ නිසා මහත්වරුනි, හයහතර නොතේරෙන දරුවන් පන්සලට බාරදීමේ ගුණාගුණ, මේ රටේ ලෝකේ කරක් ගහපු අපිට නම් කියාගෙන එන්ඩ එපා…! කරුණාකරලා ඇත්ත පිළිගන්න…. ඔබ තමුන්නාන්සේලාට ඕනා තමුන්නැහැලාගේ සංස්කෘතිය පවත්වාගන්න…. මොකද ඔබ තමුන්නාන්සේලාගේ කාලකන්නි අරුත්සුන් හිස් ජීවිතවලට තේරුමක් එන්නේ, “රට, ජාතිය, ආගම, සංස්කෘතිය, සදාචාරය” කියන වචන පහෙන්…. ඒ වචන පහ ඇහිච්ච හැටියේ ඔබ තමුන්නාන්සේලාට ඔළුවට එනවා, තමුන්ගේ ජීවිතවලට තේරුමක් තියෙනවා කියල හැගීමක්… ඔය වචන පහෙන් පිට තමුන්නාන්සේලාට ජාතියක් ජනවර්ගයක් ලෙස ආඩම්බර වෙන්න පුළුවන් බක්කක් නෑ…. ඒ නිසා අර ‘ලෝඩ් ඔෆ් ද රිංග්ස්’ චිත්‍රපටයේ ‘ගෝලම්’ කියන නිට්ටෑවා අර රත්තරං මුද්ද පරෙස්සන් කරනවා වගේ ඔබ තමුන්නැහැලාත් ඔය වචන පහ පරෙස්සම් කරනවා…. ඔය වචන පහ පරෙස්සම් කරන්ඩ නම් වැඩි වැඩියෙන් චීවර අවශ්‍යයි…. ඒ ඉල්ලුම සම්පූර්ණ කරන්ඩ, මිනිස්සු වයස සම්පූර්ණ වෙලා දැනුම් තේරුම් ඇති වයසට එනකල් බලං හිටියොත් සුම්මා…. මොකද එහෙම වුණොත් පන්සල් නෙමෙයි ගම් නගර පළාත් පිටින් පාලු වෙනවා කියන සත්‍යය තමුන්නැහැලා දන්නවා…. ඒ නිසා දැනුම් තේරුම් එන්ඩ කලින් පොඩි ළමයි මහණ කරනවා…. ඒ මහණ කිරීම, ‘කේන්දරේ’, ‘දුප්පත්කම’, ‘හතරවරිගේම නිවන් දැකීම’, ‘සාසනේට පූජා කිරීම’ වගේ මොකක් හරි සීතාම්බර පටසළුවකින් ඔතලා තව සාධාරණීකරණයත් කරනවා….


චමීර ජීවන්ත දෙද්දුවගේ


ළමයින් පැවිදි කිරීම පිළිබඳව නීතිය ගැන හරියටම දැනගන්න, පහත Button එක හරහා “ළමයි පැවිදි කිරීම නීතියෙන් තහනම් ද? මෙන්න හරියටම දැනගන්න” ලිපිය කියවන්න…. ළමයි පැවිදි කිරීම නීතියෙන් තහනම් ද? මෙන්න හරියටම දැනගන්න

 

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button