විදේශීය

මාධ්‍යවේදියා ඝාතනය කලේ ඔටුන්න හිමි කුමාරයා

මාධ්‍යවේදී ජමාල් කෂෝගී ඝාතනයට සවුදියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු සෘජුව සම්බන්ධ වී ඇති බව සදහන් වාර්තාවක් එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් නිකුත් කර තිබේ.

ඊට අදාළව අතිශය විශ්වසනීය සාක්ෂි ඇති බවද එහි සදහන් ය. ඊයේ (19) නිකුත් කර ඇති මෙම වාර්තාවේ පිටු 100 ක් ඇත. කෂෝගී ඝාතනය අන්තර්ජාතික අපරාධයක් බවත්, ඊට වගකිවයුතු පාර්ශ්ව අනාවරණය විය යුතු බවත් එම වාර්තාවේ වැඩිදුරටත් සදහන් වේ.

2018 ඔක්තෝබර් 02 දා තුර්කියේ ඉස්තාන්බුල් නුවර පිහිටි සවුදි කොන්සල් කාර්‍යාලය තුළදී ජමාල් කෂෝගී කෲර ලෙස ඝාතනය කර තිබිණි. එය සල්මාන් කුමරු යටතේ ක්‍රියාත්මක විශේෂ ඒකකයක් මගින් සිදු කළ බවට සාක්ෂි රැසක් ඉදිරිපත් වී තිබිණි.


ශාලික විමලසේන

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button