දේශීය

පැපොලට සමාන උණ රෝගයක්, කුඩා දරුවන් අතර පැතිරෙයි

කුඩා දරුවන් අතර, පැපොල රෝගයට සමාන වෛරසයක් පැතිරෙමින් පවතින බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

මෙම වෛරසය ආසාදනය වීමෙන් පළමු දිනයේ උණ වැළදීමෙන් පසු ශරිරියේ වතුර බිබිලි සහ රතු ලප ඇති වන බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසා සිටියා.

එමෙන්ම, වාතයෙන් සහ ශරිර ස්පර්ශයෙන් මෙම වෛරසය ව්‍යාප්ත වන බව ඔහු තවදුරටත් පැහැදිලි කර සිටියා.

මෙම වෛරසය මේ දිනවලදී කුඩා දරුවන්ට ආසාදනය වීමට වැඩි ඉඩකඩක් ඇති බැවින් දරුවන් ගැන සැලකිලිමත් වන ලෙසත්, ඉහත සඳහන් රෝග ලක්ෂණ ඇත්නම් වහාම වෛද්‍යවරයෙකු වෙත යොමුවන ලෙසත්, රෝගය වැළඳී ඇති දරුවන් පාසල් හෝ දරුවන් ගැවසෙන ස්ථාන වලට නොයවන ලෙසත් වෛද්‍යවරයා දෙමාපියන් දැනුවත් කර සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button