දේශීය

සෝමාවති රක්ෂිතයේ සිදුවන දැවැන්ත වන විනාශය

සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ මංතලාව ප්‍රදේශයේ අක්කර ගණනක් කිසියම් පිරිසක් විසින් විනාශ කරමින් අනවසර වගා කිරිමට සුදානම් කර ඇති බව එහි නිරික්ෂණයක නිරත වෙමින් පොළොන්නරුව ලංකාපුර ශාසනආරක්ෂක බලමංඩලයේ හිටපු සභාපති සහ ශ්‍රි ශාඛ්‍යා බිම්බාරාමයේ විහාරාධිපති යටිහලගල උපතිස්ස නාහිමි ඇතුළු පිරිස ඊයේ (18) පැවසුහ.

වැඩි දුරටත් අදහස් දැක්වූ එහිමියෝ,

“මේ ප්‍රදේශයට කියන්නේ සෝමාවතිය ජාතික උද්‍යානයේ මංතලාව කියලයි. නමුත් දැන් දක්නට තිබෙන තත්ත්වය නම් කනගාටුදායකයි. කැලේ ඔක්කෝම ගස් කපලා අලුතින් වගා කරන්න බිම් සකස් කරලා. ඒ මදිවට ඇළවලුත් කපලා.

සුංගාවිල වනජිවි කාර්යාලයේ නිලධාරින් කියන්නේ අවසර නැතුව මේ උද්‍යානයට ඇතුල්වීමටවත් අවසරයක් නැති බවයි. නමුත් වන විනාශය කළ පුද්ගලයින් මේ වන තෙක් අත්අඩංගුවට අරන් නෑ.

ඇළවල් කපන්න අරන් ගිය ඩෝසරය සහ එය අරන් ගිය පුද්ගලයා විතරක් අත්අඩංගුවට අරන් තියෙනවා. ඒ අවස්ථාවේ ඩෝසරය අත්අඩංගුවට ගන්න ගිය වනජිවි නිලධාරින්ට පහර දුන් එක් අයෙකුත් අත්අඩංගුවට අරන් තියෙනවා. තව පස් දෙනෙක් ඉන්නවා ඒ අය අත්අඩංගුවට අරන් නෑ. අපි කියන්නේ සිංහලද දෙමළද මුස්ලිම්ද යන වග නෙවෙයි. රටේ පොදු නීතියක් තියෙනවා. ඒ නීතිරිති කඩ කරන පුද්ගලයා හෝ ජාතිය වැදගත් නෑ. වහාම අත්අඩංගුවට ගත යුතුයි.

අපි ජනාධිපතිතුමාගෙන් අහනවා ගස් කපන කියත් සහ වඩුමඩු තහනම් කලාට මදි වනාන්තර විනාශ කරන මොකා වුණත් කමක් නෑ. වහාම අත්අඩංගුවට ගන්න කටයුතු කරන්න. නීති නැති නම් නිති හදලා හරි ජාතිය කුලය තනතුර නෙවේයි වැදගත් වැරදි කරන මොකා හරි අත්අඩංගුවට ගෙන දඬුවම් දෙන එකයි. මේ සෝමාවතිය ජාතික වනෝද්‍යානය රැකගන්න මම පුදුම කැපකිරිමක් කලා යුද්දේ කාලේ ඉදලා. හැබැයි මේ අපරාධය කරපු උන් වහාම අත්අඩංගුවට නොගත්තොත් රට පුරාම දැවැන්ත උද්ඝෝෂණයක් කරන්න කටයුතු කරනවා”

යනුවෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button