දේශීය

පාස්කු ප්‍රහාරයෙන් තුවාල ලැබූ දරුවන් 7කගේ හිස්කබල්වල ශල්‍යකර්ම සඳහා මහජන සහය පතයි

පසුගිය අප්‍රෙල් මස 21 වැනිදා පාස්කු ප්‍රහාරයෙන් හිස් කබලට තුවාල සිදුවූ ළමයින් 07 දෙනකුගේ හිස්කබල් තාවකාලිකව ඉවත් කර ඇති බවත් හිස් කබලට හානි වූ ළමයින් වෙනුවෙන් ආධාර දිය හැකි පුද්ගලයන් සිටී නම් ජාතික ළමාරක්ෂක අධිකාරියේ දුරකථන අංක 011 2778911 සහ 011 2778912 අංකවලට අමතා විස්තර ලබාගන්නා ලෙසත් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති එච්.එම්. අබේරත්න මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

තාවකාලිකව හිස්කබල් 07ක් ඉවත් කර නැවත ගොඩනැඟීම සඳහා අවශ්‍ය ආරක්ෂිත පරිසරයක් ඇති කිරීම සඳහා විශාල වියදමක් දැරීමට සිදුවන බවත් ඔහු සඳහන් කළා.

පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව ළමයින් 23 දෙනකු මියගොස් ඇති අතර ප්‍රහාරයෙන් පසුව පවුල් 42ක ළමයින් 78 දෙනකු උපදේශන අවශ්‍යතා සහිත දරුවන් ලෙස ජාතික ළමාරක්ෂක අධිකාරිය විසින් කරන ලද සමීක්ෂණයකදී හඳුනාගෙන තිබෙනවා.

මේ අතර ගැහැනු ළමයින් 18 දෙනකු සිටින අතර තවත් එක් ගැහැනු දරුවකු අතුරුදන් වී ඇති බව සභාපතිවරයා සඳහන් කළා.

අධ්‍යාපන ආධාර අවශ්‍ය සහ ජීවනෝපාය සංවර්ධන අවශ්‍යතා ඇති ළමයින් සංඛ්‍යාව 16 දෙනකු බවද කරන ලද සමීක්ෂණ අනුව අනාවරණය වී ඇති බව ජාතික ළමාආරක්ෂක අධිකාරියේ සභාපතිවරයා සඳහන් කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button