දේශීය

වඳ සැත්කම් අම්මණ්ඩිලා ආගිය අතක් නැහැ

සිංහල බෞද්ධ මව්වරුන් වඳභාවයට පත් කළ බවට චෝදනා කෙරුණු කුරුණෑගල රෝහලේ සාෆි ශිහාබ්දීන් වෛද්‍යවරයාට එරෙහිව නඩු පැවරීමට ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත්ව නැති බව අනාවරණය වෙමින් තිබේ.

දිවයින පුවත්පතේ ශීර්ෂපාඨයකින් ඔහු සිංහල බෞද්ධ මවුවරු 4000ක් වඳ බවට පත්කරන්නට සැත්කම් සිදුකර ඇති බවට චෝදනා නගන ලද අතර පසුව එම සංඛ්‍යාව 8000ක් බවට ඇතැම් මාධ්‍ය විසින් ප්‍රචාරය කරන ලදී. එහෙත් ඔහු සම්බන්ධයෙන් කුරුණෑගල, දඹුල්ල රෝහල් බලධාරින්ට හා දඹුල්ල පොලිසියට පැමිණිලි ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දී ඇති අතර මේ වනවිට පැමිනිලි දහසක් ලැබී ඇති බවද කියැවේ. වෛද්‍යවරයාට අදාළ චෝදනා සම්බන්ධයෙන් මස 27 දා අධිකරණය හමුවට පැමිණවීමට නියමිත වුවද එකී වඳ සැත්කම් සම්බන්ධව ආරම්භ කරන ලද පරීක්ෂණ කටයුතු ඉදිරියට ගෙන යාමට හෝ නඩු පැවරීමට හෝ ප්‍රමාණවත් කිසිදු සාක්ෂියක් ලැබි නැත.

වෛද්‍ය සා‍ෆිට එරෙහිව මේ දක්වා ලැබි ඇති වඳ සැත්කම් පැමිණිලි සංඛ්‍යාව දහසකට අධිකය. ඔවුන්ට වඳ සැත්කම් සිදුකර තිබේද යන්න සොයා ගැනීම සඳහා අදාල කාන්තාවන්ගේ පැලෝපීය නාළය පරීක්ෂා කිරීමට නියමිත විය. පැමිණිලි ඉදිරිපත් කළ කාන්තාවන්ගෙන් අදාල පරීක්ෂණ සඳහා පෙනී සිටීමට කැමැත්ත පළකර ඇත්තේ කාන්තාවන් 71 දෙනෙක් පමණි.

ආදාල කාන්තාවන්ට නැවත දරු පිළිසිඳ ගැනීම් සිදු නොවීමට හේතුව වඳ සැත්කම්ද එසේ නැතහොත් ඔවුන්ගේ ස්වාමි පුරුෂයන්ගේ සරුභාවයේ ගැටලුවක්දැයි පරීක්ෂා කළයුතු බව දැනුම් දීමෙන් පසුව අදාල කාන්තාවන් 71 දෙනාගෙන් බොහොමයක්ද පරීක්ෂණ මහ හැර ගොස් ඇත. තවද සා‍ෆි සමග සැත්කම්වලට සම්බන්ධ වූ සෙසු වෛද්‍යවරුන්, හෙද නිළධාරීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත සාක්ෂි ලබා දෙමින් පවසා ඇත්තේ තමන් හෝ සහායක වෛද්‍යවරුන් හෝ නොදැනුවත්ව එසේ වඳ සැත්කම් සිදු කිරීමේ හැකියාවක් නොමැති බවය.

එසේම මේ වනවිට කුරුණෑගල රෝහල් කාර්ය මණ්ඩලයේ කට උත්තර මගින් වෛද්‍යවරයාට එරෙහි පැමිණිලිකරුවන්ගේ පදනම් විරහිත චෝදනා අනාවරණය වී ඇත. වෛද්‍ය සාෆිට මෙවැනි අපරාධ චෝදනා ඉදිරිපත් කරමින් ඒ හරහා සමස්ත මුස්ලිම් ජනයාටත් ISIS ලේබල් ඇලවීමේ කාර්ය ඉටුකරමින් සිටි මාධ්‍ය ආයතන මෙම සත්‍ය තත්වය වසන් කිරීමට පටන්ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button