දේශපාලන

අස්ගිරි පාර්ශ්වය ප්‍රසිද්ධ දේශපාලනයට පිවිසෙයි !

මෙතෙක් පැවති බෞද්ධ ආගමික සම්ප්‍රදාය කඩ කරමින් අස්ගිරි පාර්ශ්වයේ මහනායක වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමි කටයුතු කරමින් සිටියි. මේ බව තහවුරු වූයේ පසුගියදා පැවති පිංකමක් අවස්ථාවේය.

එහිදී වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමි සදහන් කර සිටියේ එක්සත් ජාතික පක්ෂ පාලකයන් රටේ ජනතාවට ආදරේ නැති බවය. තමන්ට නැතිවීමට දෙයක් මෙන්ම ඇතිවීමට දෙයක් ද නැති බවත් එහෙත් කෙළින් කතා කළයුතු බවත් පැවසූ එම හිමිනම මේ රට ආරක්ෂා කල යුතු බවත් සිංහල බෞද්ධ ජාතිය ආරක්ෂා කිරීම යුතුකම බවත් පවසා ඇත.

ඊයේ පෙරේදා තමන් හමුවට පැමිණි එජාප ප්‍රබලයෙකුට එක්සත් ජාතික පක්ෂයට ආයුෂ අවසන් බවත් ඊට යළිත් පණ දීමටවත් නොහැකි බවත් අවධාරණය කළ බවත් නායක හිමි සිය දේශපාලන අනුශාසනාවේදී පවසා තිබේ. එම පිංකම දේශපාලන රැස්වීමක් බවට පත්කර ගනිමින් අස්ගිරි පාර්ශවයේ මහ නායක හිමි වැඩිදුරටත් පවසා ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ වරදින් රට නැතිවූ බවත් පාට පක්ෂ භේද නොසලකා ඉදිරියේ දී ගතයුතු මග පෙන්වීමට තම පාර්ශවය සූදානම් බවය.

අස්ගිරි පාර්ශවයේ මහ නායක හිමිගේ මේ දේශපාලන කතාව සම්බන්ධව අදහස් දැක්වූ දේශපාලන විචාරකයන් පවසා සිටින්නේ මේ වන විට ඇතැම් භික්ෂූන් දක්වන හැසිරීම විසින් යුරෝපයේ අඳුරු යුගය නොහොත් මධ්‍යතන යුගයේ පල්ලිය සිහිපත් වන බවය. එහිදී පල්ලිය විසින් පාලක කුමාරයන් මෙහෙයවූ ආකාරයට පොදුජන පීඩනයන් සියල්ල ආගමික වළාවන්ගෙන් වසන, මූලික මිනිස් අයිතිවාසිකම් නොතකා ආගමික පදනමක් මත සියල්ල තීන්දු කිරීම වැනි තත්ත්වයක් මෙහිදී පෙන්නුම් කරන බවත් ඔවුන් පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button