දේශීය

දරුවන්ට පැම්පස් අන්දන්නේ බලාගෙන….!

කල් ඉකුත් වූ හා ඇසුරුම් භාවිතයට නුසුදුසු තත්වයේ තිබෙන කුඩා දරුවන්ගේ සනීපාරක්ෂක තුවා (Pampers) නැවත නව අසුරන තුළ ව්‍යාජ ලෙස අසුරා වෙළඳපොළ වෙත යවන මහා පරිමාණ ජාවාරමක් කොටු කර ගැනීමට පාරිභෝගික අධිකාරිය පසුගිය දා(17) සමත් විය.

කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ තොග ගබඩාවක දිගු කලෙක සිට පවත්වාගෙන ගොස් තිබුණු මෙම ජාවාරම පිළිබදව පාරිභෝගික අධිකාරියට ලද තොරතුරකට අනුව පාරිභෝගික අධිකාරියේ සභාපති ආචාර්ය ලලිත් සෙනවීර මහතාගේ උපදෙස් මත එම අධිකාරියේ නිලධාරින් විසින් මෙම වැටලීම සිදු කර ඇත.

චීනයෙන් ගෙන්වනු ලබන මෙම බිලිඳු සනීපාරක්ෂක තුවා එම ගබඩාවේ සිට දිවයින පුරා වෙළඳසැල්වලට බෙදාහරින බවත් එම වෙළඳසැල්වල තිබී කල් ඉකුත් වන හා භාවිතයට නුසුදුසු මට්ටමට පත්වන ඒවා නැවත මෙම ස්ථානයට ගෙනවිත් කූට ලෙස අසුරා දින වෙනස් කොට නැවත වෙළඳපොළට යවන බවත් මෙහිදී හෙළි වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button