දේශීය

ශක්තික නිදහස් කරනු !

ශක්තික සත්කුමාර අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර මේ වනවිට දින 75ක් ගතවේ.

ඒ ඔහු විසින් රචිත අර්ධ නම් කෙටිකතාවේ යම් කොටසක් මගින් බෞද්ධාගමට බලපෑමක් විනැයි දණ්ඩ නීති සංග්‍රහයේ 291 වගන්තිය යටතේ සහ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබදව ජාත්‍යන්තර සම්මුති පනතේ 3 වැනි වගන්තිය යටතේය.

මාධ්‍යවේදී හා සාහිත්‍යවේ ශක්තික සත්කුමාර වහා නිදහස් කරන ලෙස ආණ්ඩුවට බල කරමින් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට අද (17) උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්විය. කලාකරුවන්, මාධ්‍යවේදීන් හා සාහිත්‍යවේදින් ඇතුළු සිවිල් සන්විධාන රැසක් එක්ව මෙම විරොධතා ව්‍යාපාරය සංවිධාන කර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button