දේශීය

උතුරු – නැගෙනහිර බුදු පිළිම ඉවත් කරන්න රතන හිමි සැරසෙයි

දෙමළ බහුතරයක් ජිවත් වන ප්‍රදේශ වල හින්දු භක්තිකයන්ගේ විරෝධයට තුඩු දෙමින් හිඳුවා තිබෙන බුදු පිළිම ඉවත් කිරීමට ජනාධිපති උපදේශක පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි ඉදිරිපත්ව තිබේ.

“හින්දු ප්‍රදේශ වල හින්දු ජනතාව ඉන්න තැන්වල අපේ සමාජයෙන් එහෙම දෙයක් වෙනවා නම් අපිට දැනුම් දෙන්න, ඒ වගේ දේවල් සඳහා පොලිසිය අවශ්‍ය නැහැ. ඒක වැළක්වීමේ හැකියාව අපිට භාරගන්න පුලුවන් බවත් මන් මේ අවස්ථාවේ කියන්න ඕනේ….” යැයි මන්ත්‍රී හිමියන් කියා සිටියේය.

දින කිහිපයක් තිස්සේ උතුරු නැගෙනහිර සංචාරයක යෙදෙමින් ප්‍රචලිත කරනු ලබන උග්‍ර මුස්ලිම් විරෝධී දේශපාලනය වෙනුවෙන් දෙමළ ජනයා දිනාගැනීමට ගන්නා වීරියක් බව දිස්වන එම ප්‍රකාශය රතන හිමියන් විසින් කරනු ලැබුයේ රාජපක්ෂ පාලන සමයේ ආරක්ෂක අමාත්‍යාංශය සමග එක්වී පිහිටුවන ලද හින්දු බෞද්ධ සංසදය මගින් සිංහල භාෂාව උගන්වනු ලැබූ සිසු පිරිසක් අමතමිනි.

මන්ත්‍රී හිමියන් විසින් පෙර නොවූ විරූ ලෙසින් යාපනයේදී එම පළාත් හඳුන්වා දෙනු ලැබුයේ “හින්දු ප්‍රදේශ” ලෙසිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button